*
Wednesday, April 2, 2025
spot_img

Latest Posts

අද නිදහස් මාධ්‍ය හැසිරෙන්නත් ඕන රජයටයි පැලවත්තෙ පක්ෂ කාර්යාලයටයි ඕනි විදිහට ? – සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

වත්මන් ජනතා විමුක්ති පෙරමුණ රජය දේශපාලන පිටියේ ඉහළට එන ගමන ක්‍රියාත්මක කරන්න මාධ්‍ය සමග හොද සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය බවත් අප රටේ නිදහස් මාධ්‍ය ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත් කරන්න ප්‍රචාරය ලබා දෙන්න ජනප්‍රිය කරන්නට දැවැන්ත කාර්යභාරයක් ඉටු කළ නමුත් ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සිටින විට මාධ්‍ය පිළිබද දැරූ ආකල්පයට වඩා ආණ්ඩු බලය ලැබුණු පසු මාධ්‍ය කෙරෙහි දක්වන ආකාල්පය වෙනස් බවත් ඔවුන් සිතන ආකාරයට මාධ්‍ය හැසිරිය යුත්තේ ආණ්ඩුව සහ ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේ නියෝග මත බවත් එසේ ක්‍රියාත්මක නොවන මාධ්‍ය ජඩ මාධ්‍ය ලෙස හඳුන්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වත්මන් රජය අප රටේ නිදහස් මාධ්‍යයට අගෞරව, අපහාස කරන බවත් නිදහස් මාධ්‍ය ඇත්තේ සත්‍ය ජනතාවට ගෙන ඒමට බවත් මේ නිදහස් මාධ්‍ය එලෙසම ගෙන ඒම ප්‍රජාතන්ත්‍රවාදය රැකීමේ ලොකුම අවස්ථාව බවත් අද නිදහස් මාධ්‍ය රට සහ ජනතාව වෙනුවෙන් කතා කරන විට ඇත්ත ප්‍රවෘත්ති ප්‍රකාශයට පත් කරන විට එම ප්‍රවෘත්ති හරහා ජනතා විමුක්ති පෙරමුණට සහ පැලවත්ත පක්ෂ කාර්යාලයට විරුද්ධ පුවතක් ප්‍රකාශයට පත් කරන විට ඔවුන් මාධ්‍යට අපහාස කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මාධ්‍යයට රට වෙනුවෙන්, රණවිරුවන් වෙනුවෙන් කතා කරන්න අයිතියක් තිබෙන බවත් එය සාමාන්‍ය ජනතාවගේ ද අයිතියක් සහ යුතුකමක් බවත් රණවිරුවන් වෙනුවෙන් සාමාන්‍ය ජනතාව ද පෙනී සිටිය යුතු වුවත් සමහර අය රණවිරුවන්ට ජාත්‍යන්තර වශයෙන් හානිදායක තීන්දු තීරණ ගන්නා විට කිඹුල් කඳුළු හෙලන අය සිටියත් රණවිරුවන්ට විරුද්ධව සම්බාධක පනවන විට ඒ වෙනුවෙන් එදත් අදත් හඬ නැගුවේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එදා රණවිරුවන් බහුතරයක් ඡන්ද දුන්නේ රජයට වුවත් අද රජය රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ

රණවිරුවන්ට මෙවැනි තර්ජනයක් එල්ල වන විට වත්මන් රජයේ ප්‍රතිපත්තිය දැන ගැනීමට අවශ්‍ය බවත් මෙරට බේරාගත් රණවිරුවන් ද ලක්ෂ සංඛ්‍යාත ගණනින් මේ රජය බේරා ගන්න සහයෝගය දුන් බවත් එම නිසා මේ අවස්ථාවේ රජයේ හරි ප්‍රතිපත්තිය දැන ගැනීමට අවශ්‍ය බවත් දියාරු මත පළ නොකර රණවිරුවන් වෙනුවෙන් රජය පෙනී සිටිය යුතු බවත් රජය එසේ පෙනී නොසිටියත් සමගි ජන බලවේගය පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

අස්වැසුම ලැබිය යුතු 58%කට අස්වැසුම නොලැබුණත් පෝසත් 26%කටත් අස්වැසුම ලැබෙනවා

අද වන විට අස්වැසුම වැඩසටහන ගැන ඉතාමත් වැදගත් වාර්තාවක් දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය නම් පර්යේෂණ ආයතනයකින් එළි දක්වා ඇති බවත් මේ සමීක්ෂණයට අනුව අස්වැසුම ලැබිය යුතු 58%කට එය නොලැබෙන බවත් දුප්පත් නොවන 26%කට අස්වැසුම ලැබෙන බවත් පැවසූ විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ අස්වැසුම තුළ පාරිභෝජනය පමණක් ඇති නමුත් නිවැරදි දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන ආයෝජනය, ඉතිරිකිරීම, නිෂ්පාදනය සහ අපනයනය තිබිය යුතු වුවත් මෙහි එවැනි දෙයක් නොමැති බවයි.

සමෘද්ධි වැඩසටහන තුළින් ද සමෘද්ධි සහනාධාරය ලැබීමට සුදුසුකම් තිබූ 47%කට සමෘද්ධිය නොලැබි ඇති බවත් මෙවැනි තත්ත්වයක් උඩ මේ රජය ද නිවැරදිව ක්‍රියාත්මක නොවන වැඩසටහනක් තවදුරටත් ක්‍රියාත්මක කරන බවත් රජයට හරියට දුප්පත්කම ගැන නිවැරදි නිර්වචනයක්වත් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හරියට වැඩක් කර ගන්න බැරිව රජය කෙඳිරි ගානවා

රජයට හරියට වැඩක් කරගන්න බැරි නිසා මැසිවිලි නගමින් කෙදිරි ගාන බවත් පොල් හිගයට හේතුව රිලව් බවත් හාල් හිගයට හේතුව බල්ලන්ට බත් දීම බවත් කියමින් මෝඩ කතා කියන බවත් හාල් මිල පොල් මිල පාලනය කර ගන්න බැරිව කෙදිරි ගාමින් සිටින බවත් මේසා විශාල ජනවරමක් ලබා දී 2/3ක බලයකුත් ලබා දී රටේ ජනතාව අපේක්ෂා කරන්නේ කෙදිරි ගෑම නොව ගැටලුවලට උත්තර බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මොරටුව කොට්ඨාසයේ පැවැති ජන හමුවක් අමතමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan