එක්සත් ජනපදය තවත් කල්ලි සාමාජිකයින් එල් සැල්වදෝරයට පිටුවහල් කරයි: ඩොලර් මිලියන 6ක් ගෙවීමට ට්‍රම්ප් එකඟ වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත් ජනපදය තවත් කල්ලි සාමාජිකයන් 17 දෙනෙකු නැවත වරක් එල් සැල්වදෝරයේ සුපර්මැක්ස් බන්ධනාගාරය පිටුවහල් කර ඇති බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, මෙවර පිටුවහල් කරන ලද කණ්ඩායමට ට්‍රෙන් ඩි අරගුවා සහ එම්එස් -13 කල්ලිවලට අයත් මිනීමරුවන් සහ දූෂකයින් ඇතුළත් වූ බවයි.

එල් සැල්වදෝර් ජනාධිපති නයිබ් බුකෙල් සිය X සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර තිබුණේ, තහවුරු කරන ලද මිනීමරුවන් සහ ළමා දූෂකයින් හය දෙනෙකු ඇතුළුව ඉහළ පෙළේ අපරාධකරුවන් බන්ධනාගාර ගත කළ බවත්, මෙම මෙහෙයුම ත්‍රස්තවාදයට සහ සංවිධානාත්මක අපරාධවලට එරෙහි සටනේ තවත් පියවරක් වන බවත්ය.

මිට පෙරද ජනාධිපති ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් අධිකරණ තීන්දු නොතකා ට්‍රෙන් ඩි අරගුවා සාමාජිකයින් 238 හා ජාත්‍යන්තර MS-13 කල්ලියේ සාමාජිකයින් 23 දෙනෙකු එල් සැල්වදෝරයට පිටුවහල කළ අතර එල් සැල්වදෝරය ඩොලර් මිලියන 6 (£ මිලියන 4.6) ට හුවමාරුවක් ලෙස පිටුවහල් කරන්නන් භාර ගැනීමට ට්‍රම්ප්ගේ රජය සමඟ එකඟ වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TASTY TUESDAYS: ලෝකෙ වටේ යන ගමනේ ඊජිප්තුවේ Koshari (Discover the Magic of “Koshari” — Egypt’s Ultimate Comfort Bowl)

සටහන – පුලී නොවැම්බර් 18, කොළඹ (LNW): කොම්ෆර්ට් ආහාරවලට රජෙක් සිටියා...

අනතුරු ඇඟවීම් යතාර්ථයක් බවට පත්වූ වගයි: කෘතිම බුද්ධිය බිල්බෝර්ඩ් සංගීත දර්ශකය ද ආක්‍රමණය කරයි!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 18, ලෝකය (LNW): මෙම සතියේ සංගීත ලෝකයේ...

තංගල්ලේ වෙඩි තැබීමක්: අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : අද (18)...

මහින්දට 80 යි : මහින්ද ඉගෙනගත යුතු පාඩම සහ මහින්දගෙන් ඉගෙනගත යුතු පාඩම ….

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...