මැතිවරණ පැමිණිළි 450ට ලංවෙයි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 02, කොළඹ LNW :

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 413ක් දක්වා ඉහළ ගොස් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඉන් පැමිණිලි 382ක් ලැබී ඇත්තේ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළවයි. ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 03ක් බව පැවසේ.

පසුගිය 20 වනදා සිට ඊයේ දිනය දක්වා ලැබී ඇති පැමිණිලි 413න් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙතයි.

එම පැමිණිලි සංඛ්‍යාව 368ක්. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයටද පැමිණිලි 45ක් ලැබී ඇති බවයි

ඒ අනුව ඇති සමස්ත පැමිණිලි 413න් 357ක් මේ වන විට විසඳා තිබෙන බවද සඳහන් වේ.

මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ, සෙසු පැමිණිලි 56 සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...