චම්පිකගෙන් අලුත් දේශපාලන පක්ෂයක්

Date:

ලබන මාසයේදී අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

“ලබන මැයි මාසයේ නව ‌දේශපාලන පක්ෂයක් රටේ පිහිටුවනවා. මොකද මේ රට මේ බංකොලොත් භාවයෙන් මුදාගන්න නම් කුසලතාවය මත පදනම් වුණ දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යයි. පවුල් උරුමයෙන් කරන දේශපාලනයට තිත තියන්නට ඕනේ. ඒ වගේම පාදඩ සල්ලවලින් ලංකාවේ මනාප දිනාගන්න දේශපාලනය වෙනස් කරන්න ඕනේ. ඒ වගේම යල්පැනගිය සමාජවාදය, ධනවාදය වෙනුවට නව ප්‍රායෝගිකවාදයක් මත රට ඉදිරියට ගෙනියන දේශපාලන මතවාදයක් ඕනේ. ඒක අපි මැයි මාසයේදී එළිදක්වනවා. එකේ නම එක්සත් ජනරජ පෙරමුණ”

චම්පික රණවක මහතා මේ බව පැවසුවේ ඊයේ (01) බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 24) දිනයේදී මධ්‍යම, ඌව...

විපක්ෂ නායක සජිත් සහ ඉන්දියානු විදේශ කටයුතු ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට නිල සංචාරයක නිරතව සිටි ඉන්දීය...

මාලිමා මන්ත්‍රී ශාන්ත සම්බන්ධ සිද්ධියේ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් !

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර...

පළමුවැන්නයි දෙවැන්නයි එකතු වෙලා හදපු බැටනය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: ජාතික ඔලිම්පික් කමිටුව 2026...