වැඩවර්ජනය තාවකාලිකව අවසන්. සෞඛ්‍ය සේවකයිනුත් දීමනා වැඩිකර ගනී

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් විසින් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට ඊයේ (02) රාත්‍රියේ තීරණය කර තිබේ.

වෛද්‍යවරුන්ට ලබාදෙන DAT හෙවත් ප්‍රවාහන හා නිර්බාධක දීමනාවට සමාන්තර දීමනාවක් තමන්ට ද ලබාදෙන බවටත් මැයි මාසයේ වැටුපට ඉන් 50%ක් එකතු කරන බවටත් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් ලිඛිත දැනුම් දීමක් අනුව මෙම තීරණයට එළඹුණු බවයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ.

ඒ අනුව වැඩවර්ජනය සති තුනකට අත්හිටුවීමටයි වෘත්තීය සමිති තීරණය කර ඇත්තේ.

RN