තුන්වැනි වරටත් ඊජිප්ත්තුවේ නව ජනාධිපති අබ්දුල් ෆටා අල් සිසී තේරී පත්වෙයි!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 03 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු ජනාධිපති අබ්දුල් ෆටා අල් සිසී ඊජිප්ත්තුවේ නව ජනාධිපතිවරයා ලෙස තුන්වැනි වරටත් දිව්රුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අල් සිසීගේ දිව්රුම් දීම කයිරෝ නුවර ආසන්නයේ ඉදිකර ඇති ඊජිප්තුවේ නව අගනුවරදී සිදුවී ඇතැයි ද වාර්තා වේ.

දශකයකට වැඩි කාලයක් පුරා, 69 හැවිරිදි අල් සිසී ඊජිප්තුවේ ජනාධිපතිවරයා ලෙස අඛණ්ඩව කටයුතු කරමින් සිටින අතර, ඔහු තවත් වසර 6කට මේ පත් වී ඇත්තේ තුන්වැනි හා අවසන් ධුර කාලයට බව ද වාර්තා වේ.

මීට මාස 3කට පෙර පැවැති ඊජිප්තු ජනාධිපතිවරණයේදී ඔහු 89.6%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහු ඊජිප්තුවේ හමුදාපති සහ ආරක්ෂක ඇමැතිවරයා ලෙස මීට පෙර කටයුතු කර ඇති බව සඳහන් වේ.

අබ්දුල් ෆටා අල් සිසී පළමුවරට ජනාධිපතිවරයා ලෙස පත්වූයේ 2013 වසරේදි බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...