(VIDEO):මෛත්‍රීගේ අලුත් කතාව බොරුවක්. පාස්කු මහ මොලකාරයෝ ගැන ඔහු එදා ඉදන්ම දැනන් සිටියා

Date:

කොළඹ LNW:පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ගැන තමන් සති තුනකට පෙර දැනගත් බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය කතෝලික සභාව ලෙස කිසිසේත්ම පිළිනොගන්නා අතර ඔහු මුලසිටම එය ගැන දැන සිටි බව කතෝලික සභාව වෙනුවෙන් ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් ප්‍රකාශ කළහ.

ඒ,අද (03) අගරදගුරු නිලනිවසේ පැවති මාධ්‍ය හමුවේදීය.

වසර පහක් තිස්සේ ඔහු ඒ ගැන දැන සිටි නමුත් දැන් එවැනි කතාවක් කීම මෙන්ම ඒ සඳහා තෝරාගත් කාලය පිළිබඳව ප්‍රශ්නයක් පවතින බවයි පියතුමන් ප්‍රකාශ කළේ.

පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉටුකිරීමට වුවමනාවක් ඇත්නම් එකපාර මාධ්‍ය ඉදිරියට පැමිණ එවැනි කතාවක් කීම වෙනුවට නිසිලෙස අධිකරණය හමුවට ගොස් පැවසිය හැකි බවත් සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශ කළහ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ ජනාධිපති කොමිසම වුවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මෙන්ම රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන වෙත නිර්දේශ නිකුත් කර ප්‍රකාශ කර තිබෙන දේවල් සම්බන්ධයෙන් කොමිසම විශ්වාසය තබා නොමැති නිසා යැයිද තවදුරටත් සිරිල් ගාමිණී පියතුමා අවධාරණය කළහ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...