(VIDEO):මෛත්‍රීගේ අලුත් කතාව බොරුවක්. පාස්කු මහ මොලකාරයෝ ගැන ඔහු එදා ඉදන්ම දැනන් සිටියා

Date:

කොළඹ LNW:පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ගැන තමන් සති තුනකට පෙර දැනගත් බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය කතෝලික සභාව ලෙස කිසිසේත්ම පිළිනොගන්නා අතර ඔහු මුලසිටම එය ගැන දැන සිටි බව කතෝලික සභාව වෙනුවෙන් ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් ප්‍රකාශ කළහ.

ඒ,අද (03) අගරදගුරු නිලනිවසේ පැවති මාධ්‍ය හමුවේදීය.

වසර පහක් තිස්සේ ඔහු ඒ ගැන දැන සිටි නමුත් දැන් එවැනි කතාවක් කීම මෙන්ම ඒ සඳහා තෝරාගත් කාලය පිළිබඳව ප්‍රශ්නයක් පවතින බවයි පියතුමන් ප්‍රකාශ කළේ.

පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉටුකිරීමට වුවමනාවක් ඇත්නම් එකපාර මාධ්‍ය ඉදිරියට පැමිණ එවැනි කතාවක් කීම වෙනුවට නිසිලෙස අධිකරණය හමුවට ගොස් පැවසිය හැකි බවත් සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශ කළහ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ ජනාධිපති කොමිසම වුවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මෙන්ම රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන වෙත නිර්දේශ නිකුත් කර ප්‍රකාශ කර තිබෙන දේවල් සම්බන්ධයෙන් කොමිසම විශ්වාසය තබා නොමැති නිසා යැයිද තවදුරටත් සිරිල් ගාමිණී පියතුමා අවධාරණය කළහ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මානසික පීඩාවන්ගෙන් පෙළෙන වැඩිහිටියෙකු බිහිවන්නේ ඇයි?

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වැඩිහිටි...

2025 ආසියා බර්ලින් සමුළුවේදී ශ්‍රී ලාංකික නවෝත්පාදනයන් විශ්මයට පත් කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : 2025 ආසියා බර්ලින්...

28 වැනිදා සිට විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් අඛණ්ඩ වැඩවර්ජනයක – වර්ජනයට ඉඩ දෙනවද නැද්ද තීරණ ඇමති අතේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන 28 වැනිදා පෙරවරු 08.00 සිට අඛණ්ඩ...