*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

බලහත්කාරයෙන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් ජීවන් තොණ්ඩමන් මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයදියි!

හැටන්, 2024 අප්‍රේල් 02: බලහත්කාරයෙන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් ජීවන් තොණ්ඩමන් මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයදියි – විධිමත් අයුරින් සමාව අයැද සිටීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත ය.

පැවති ගෝඨාභය රාජපක්ෂ රජය සමයේ කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ක්‍රියාත්මකකළ මළසිරුරු ආදාහනය කිරීමේ අනිවාර්ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාවේ ලාබාලතම කැබිනට් අමාත්‍යවරයා වන, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මුස්ලිම් ප්‍රජාව ගෙන් සමාව අයැද සිටියේය.

තොණ්ඩමන් අමාත්‍යවරයාගේ මෙම අනපේක්ෂිත ප්‍රතිචාරය දක්නට ලැබුණේ, 2024 අප්‍රේල් 02 වන අඟහරුවාදා දින හැටන් නගරයේ ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවති ඉෆ්තාර් හමුවක් අතරතුරදී ය. උක්ත ප්‍රතිපත්තිය නිසා මුස්ලිම් ප්‍රජාවට මුහුණපෑමට සිදු වූ අපහසුතා පිළිගත් අමාත්‍යවරයා ඒ පිළිබඳව සමාව අයැද සිටියේ ය. තමා අමාත්‍යවරයකු වශයෙන් වැඩ භාර ගැනීම සිදුවූයේ ඉකුත් වර්ෂයේ ජනවාරි මස වූව ද, තමාට පෙර කුමන පුද්ගලයකු එකී අමාත්‍ය ධුරයේ ක්‍රියාකළ ද, වර්තමානයේ ජල සම්පාදන කටයුතුවලට වගකියන අමාත්‍යවරයා ලෙස තමා එහි වගකීම භාරගැනීම වැදගත් බව ද හෙතෙම පවසා සිටියේ ය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලැබුවේ, කොවිඩ්-19 තත්ත්වයෙන් මරණයට පත් වූ පුද්ගලයන් භූමදානය කිරීමෙන් ජල සැපයුම් පද්ධති අපවිත්‍ර වේ යැයි මතයක් ඉදිරිපත් වීම නිසා ය. මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලැබුවේ, එවන් අවදානමක් සිදුනොවන බවට, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය ඇතුළු විවිධ විද්‍යාත්මක මත ඉදිරිපත් වී තිබූ පසුබිමක ය.

භූමදානය කිරීම සම්බන්ධයෙන් පැවති රජයේ මතය මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විශේෂඥයන් පිරිසක් විසින් සිදුකරන ලද අධ්‍යයනයක නව විද්‍යාත්මක ප්‍රතිඵල හමුවේ අභියෝගයට ලක්ව ඇති අතර, ඊට යාවත්කාලීනයක් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජල තාක්ෂණය සඳහා ඒකාබද්ධ පර්යේෂණ සහ ආදර්ශන මධ්‍යස්ථානය (JRDC) විසින් එක්කර ඇත. එකී මුල් අධ්‍යයනයට මෙම යාවත්කාලීනය එක්කරනු ලැබුවේ තොණ්ඩමන් අමාත්‍යවරයා ඉකුත් වසරේ විෂයභාර අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු ඔහුගේ උපදෙස් පරිදි ය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විශේෂඥයන් පිරිස විසින් දියත්කළ මුල් අධ්‍යයනයට මූල්‍ය සහාය ලබා දුන්නේ ජල සම්පාදන අමාත්‍යංශයෙන් වන අතර, සාර්ස්-කොව්-2 (SARS-CoV-2) වෛරසය ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල මතුපිට හා අපජලය පවතින ස්ථානවල තිබේ දැයි හඳුනා ගැනීම එහි අරමුණ විය. මෙම පර්යේෂණය සිදුකරනු ලැබුවේ 2021 අගෝස්තු සහ දෙසැම්බර් යන මාස අතර කාලයේ වන අතර, ආදාහනය කිරීමේ අනිවාර්ය ප්‍රතිපත්තියට හේතු පාදක වූ ජලය හරහා වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානමක් පවතින්නේ යැයි පැවති මතයේ වලංගුභාවය පරීක්ෂා කිරීම ඉන් සිදුවිය.

මෙම අධ්‍යයනය අගයමින්, කොවිඩ් ආසාදිත මළසිරුරු භූමදානය කිරීමෙන් භූගත ජලයට සිදුවන බලපෑම විශ්ලේෂණය කිරීම සඳහා පරිපූර්ණ සමාලෝචන අධ්‍යයනයක් සිදුකිරීමට JRDC ආයතනය කටයුතු කළේය. එහි ප්‍රතිඵල මෙම වර්ෂයේ (2024) ප්‍රකාශයට පත් කරමින්, වසංගත තත්ත්වය පැවති සමයේ නිසිපරිදි භූමදානයකළ මළසිරුරු වලින් කිසිඳු භූගත ජල දූෂණයක් සිදුනොවන බවට එම ආයතනය නිගමනය කළේය. මුද්‍රා තබන ලද මෘත ශරීර අඩංගු මළු ගැඹුරු ලෙස භූමදානය කිරීම ඇතුළු නිසි භූමදාන ක්‍රමවේදයක් අනුගමනය කිරීම හරහා විධිමත් ලෙස පාරිසරික දූෂණයක් සිදුවීමේ අවදානම අවම කර ගත හැකි බවට එම අධ්‍යයනය අවධාරණය කළේය.

විවිධ ජල සම්පත්වල තිබී හමු වූ සාර්ස්-කොව්-2 හි රයිබොනියුක්ලික් අම්ල (SARS-CoV-2 RNA) එසේ ජලයට එක්ව තිබෙන්නේ මෘත දේහ භූමදානය කිරීමෙන් නොව, ආසාදිත පුද්ගලයන්ගේ මළපහ සහ මුත්‍රාවලින් බවට වැඩිදුරටත් එම අධ්‍යයනය විසින් පෙන්වා දුන් අතර, එමඟින් ආසාදිත මෘත දේහ ආදාහනය කිරීමේ අනිවාර්ය ප්‍රතිපත්තියට බලපෑ මත තවදුරටත් බැහැරකළ හැකි බවට ඉන් තහවුරු විය.

වසංගත තත්ත්වය හමුවේ ක්‍රියාත්මකකළ බරපතල තීන්දු තීරණ හමුවේ පුද්ගලයන් මුහුණ පෑ දුක්කම්කටොලු සමනය කිරීම සඳහා තොණ්ඩමන් අමාත්‍යවරයාගේ සමාව අයැද සිටීම වැදගත් පියවරක් වනු ඇති අතර, එමඟින් සාක්ෂි-මත පදනම් වූ තීන්දු තීරණ ගැනීම සඳහා රජය දරන කැපවීම සහ ශ්‍රී ලංකාවේ සියලු සංස්කෘතික හා ආගමික කටයුතු වෙනුවෙන් රජයේ ගරුත්වය තවදුරටත් තහවුරු වනු ඇත.

බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය නිසා විශේෂයෙන් ම මුස්ලිම් ප්‍රජාවට සිදු වූ අගතියට විධිමත් අන්දමින් සමාව භජනය කරමින්, මෙම අධ්‍යයනයේ සොයාගැනීම් ද සමඟ කැබිනට් පත්‍රිකාවක් නුදුරේදී ම ඉදිරිපත් කිරීමට තමා අපේක්ෂා කරන බව ද තොණ්ඩමන් අමාත්‍යවරයා පවසා සිටියේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan