ගමේ යන්නත් නෑ, රට යන්නත් නෑ. මාර වැඩේ පොහොට්ටුවේ මැති ඇමතිලාට වුණේ …

Date:

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රැසකට සිංහල – දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා සිය ගම්වලට යාමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වේ.

ගමට ගොස් සිය පාක්ෂිකයින්ට මුහුණ දීමට නොහැකි නිසාත් පීඩාවට පත්ව සිටින ජනතාව තමන්ට පහර දෙතැයි යන බිය නිසාත් ඔවුන්ට මෙසේ ගමට යාමට නොහැකි වී ඇති බව සඳහන්.

එමෙන්ම අලුත් අවුරුදු සමයේදී පිටරට සිටින සිය දරුවන් ඇතුළු සමීප ඥාතීන් හමුවීම සඳහා විදෙස්ගත වීමට සැලසුම් කරගෙන සිටි මැති ඇමතිවරුන්ට ද එසේ විදෙස්ගත වීමට නොහැකි තත්වයක් දැන් වනවිට නිර්මාණය වී තිබේ.

ඒ, මේ මොහොතේ ඔවුන් විදෙස්ගත වුවහොත් ඔවුන් රටින් පළාගිය බවට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ අනිවාර්යයෙන්ම ප්‍රචාරණය වන නිසාය.

ඒ අනුව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රැසක් මේ වනවිට කොළඹ පිහිටි තම පෞද්ගලික නිවාස හෝ නිල නිවාසවලට වී කණස්සල්ලෙන් පසුවන බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...