මහින්දත් එකඟවෙයි. භාරකාර ආණ්ඩුව හෙට හෝ අනිද්දා !

පවතින ආර්ථික හා දේශපාලන අර්බුදය විසඳීම සඳහා භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එකඟ වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල සහභාගීත්වයෙන් අන්තර්වාර භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු ආණ්ඩුවේ කුඩා පක්ෂ සන්ධානය විසිනි.

අද දිනයේදී විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර හා ටිරාන් අලස් යන මහත්වරුන් අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කර ඇති අතර ඊට අග්‍රාමාත්‍යවරයා එකඟ වී ඇති බව සඳහන්.

ඒ අනුව බොහෝදුරට හෙට (04) හෝ අනිද්දා (05) දිනය වනවිට අලුත් කැබිනට් මණ්ඩලයක් සහිතව භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ ඇති බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසුවේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඥානසාර හිමිට වහාම ජනාධිපති සමාව පිරිනමා අර්බුදය අවසන් කළයුතුයි – එජාපයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී...

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...