අගමැති සහ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වෙයි?

0
1461

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මේ වන විටත් අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය සකස් කර ඇති බවයි වාර්තා වුණේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල සහභාගීත්වයෙන් අන්තර්වාර භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමටත් අගමැතිවරයා එකඟ වී ඇති බවත් වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් අද දින විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර හා ටිරාන් අලස් යන මහත්වරුන් අග්‍රාමාත්‍යවරයා හමු වී සාකච්ජා කර තිබුණු බවයි කියවුණේ.

විශේෂයෙන් අද දිනයේදී උද්ඝෝෂණ වැලැක්වීම සඳහා දිවයින පුරා ඇඳිරි නීතිය පනවා තිබුණද උදෑසන සිටම විරෝධතා සිදුකෙරෙමින් පවතියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here