මර්වින් යළි රිමාන්ඩ්!ප්‍රසන්න රණවීරගේ දේපළ රාජසන්තක කිරීම ගැනත් තීන්දුවට දින නියම වෙයි!

Date:

කොළඹ LNW:හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අප්‍රේල් 09 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔස්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍යවරයා සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ අනුව මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා ඇතුළු සැකකරුවන් අද (03) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

මෙම කූට ලේඛන සැකසීමට හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවිර ඇතුළු තිදෙනෙක්ද චෝදනා ලබා සිටින අතර ඔවුන් තවදුරටත් සැඟවී සිටීම නිසා ඔවුන්ගේ දේපොළ රාජසන්තක කරන ලෙසට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

එහි තීන්දුව ද අප්‍රේල් මස 9 වනදා ලබාදීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනත් විකල්පයක් නෑ, මේ මොහොතේ ස්ථිරවම මගේ පූර්ණ සහාය ජනපති අනුරටයි – ඩඩ්ලි සිරිසේන

මෙතෙක් රට පාලනය කළ දේශපාලනඥයින් රටට කළ විනාශය සම්බන්ධයෙන්...

කප්රුක සමාගමේ මෙහෙයුම් කාර්යසාධන වර්ධනය 2024ට සාපේක්ෂව 94% ක්!

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 06, කොළඹ LNW: 2025 ජුනි 30 අවසන්...

ජල කප්පාදුවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: අද (06) දින කොළඹ...

MCA ප්‍රිමියර් ලීග් සූරතාවය සිංගර් ට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 06, කොළඹ LNW: MCA ක්‍රීඩාංගණයේදී අවසන් වූ...