ට්‍රම්ප්ගේ තීරුබදු ගැහිල්ලෙන් කොළඹ කොටස් වෙළඳපොලටත් දරුණු බලපෑමක් ?

සටහන – රුවන් නෙළුගොල්ල

අද (අප්‍රේල් 03) දිනයේදී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක සැලකිය යුතු පහළ ගොස් තිබේ.

ඒ අනුව, අද දිනයේ ගනුදෙනු අවසන් වෙද්දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 349.84කින් පහළ ගොස් ඒකක 15,657.60ක් ලෙස සටහන්ව තිබුණු අතර S&P SL20 දර්ශකය ඒකක 119.30කින් පහළ ගොස් ඒකක 4,643.32ක් ලෙස සටහන්ව තිබුණි.

ඊයේ (02) දිනයේදී සියලු කොටස් මිල දර්ශකය නැවතත් ඒකක 16,000 ඉක්මවා ගොස් තිබුණු අතර මේ පසුබෑම උද්ගතව තිබුණේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44% ක තීරුබද්දක් පනවන බව අද උදෑසන ප්‍රකාශයට පත් කළ පසුබිමක ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...