අපේ ප්‍රතිපත්ති එකයි. ළඟදීම එජාප – සජබ එකතු වෙයි – රුවන්

0
730

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය නුදුරේදීම එකතු වනු ඇති බව එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.

“එක්සත් ජාතික පක්ෂයේම කණ්ඩායමක් තමයි අපේ පක්ෂය අත්හැරලා ගිහිල්ලා වෙනත් පක්ෂයක් හදාගෙන පාර්ලිමේන්තුවේ විපක්ෂයක් හැටියට ඉඳගෙන ඉන්නෙ. නමුත් අපි ගත්තොත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති බැලුවොත් සමගි ජන බලවේගයේ ඉන්න කට්ටියගෙත් ප්‍රතිපත්ති එකයි. ඉතින් ළඟ කාලෙකදී මේ පක්ෂ දෙක එකතු වෙයි කියලා මම හිතනවා”

රුවන් විජේවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (02) දිනයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

RN