කුප්පි ලාම්පුවක් පෙරළී බිළිඳෙකු මරුට !

කුප්පි ලාම්පුවක් පෙරළීමෙන් ඇතිවූ ගින්නකින් තුවාල ලැබූ බිළිඳෙකු මියයාමේ පුවතක් මුලතිව්, පුදුකුඩිඉරිප්පු, තෝරාවිල් ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ මාස 6ක් වයසැති බිළිඳෙකි.

දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ කුඩා කාමරයක මෙම පවුල ජීවත්ව සිට ඇති අතර පසුගිය 22 වනදා මෙම අනතුර සිදුව ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී බිළිඳාගේ දෙමව්පියන් ගෙමිදුලේ සිට ඇති බව සඳහන්.

අනතුරින් පිළිස්සුම් තුවාල ලද බිළිඳා යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (01) මියගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...