සියලු ක්ෂේත්‍රවල නියෝජිතයින්ගේ විශේෂ හමුවක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (03) දින වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඇතුළු මෙරට සියලු ක්ෂේත්‍රවල නියෝජිතයින්ගේ විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව ඇත. ඒ සඳහා වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති සන්ධානය නියෝජනය කරන සියලු පාර්ශව සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.අද පස්වරු 3ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව රජයේ නව බදු සංශෝධනයන්ට එරෙහිව ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ග, යෝජිත නව ත්‍රස්ත විරෝධි පනත සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවරයන් සම්බන්ධයෙන් මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.

ඊට අමතරව නව ත්‍රස්ත විරෝධි පනත සම්බන්ධයෙන් අධ්‍යයන කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පත් කර ඇති කමිටුවේ අදහස් ද මෙහිදි විමසීමට නියමිත බව සඳහන්ය.

ප්‍රජාතන්ත්‍රවාදී අයතීන් දුර්වල කිරීම වෙනුවෙන් භයානක පනතක් සම්මත කිරීමට රජය උත්සහ දරමින් සිටින බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසුරිය මහත්මිය සඳහන් කළේය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 පොතේ අවුල: පාඩම ඉවත් කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මතභේදයට තුඩු දී ඇති 6 ශ්‍රේණියේ...

අගමැති හරිනිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය අධ්‍යාපන ආමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට...

ප්‍රථම වරට මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ වූ ආහාර දෙපාර්තුමේන්තුව!

රෝගියාට ම වෙන් වු බත්,මාළු පිණි වෙන් වෙන් වශයෙන් තැන්පත් කළ...