ජනතාවට සහන දෙන්න මුදල් නැහැ කියන ආණ්ඩුව, මන්ත්‍රීවරු බිලී බා ගන්න සල්ලි වියදම් කරනවා – විපක්ෂ නායක සජිත්

Date:

කොළඹ (LNW): රටක ජනතාව ආණ්ඩුවකින් බලාපොරොත්තු වන්නේ රට ශක්තිමත් කිරිම, ජනතාව ජීවත් කරවීම හා සංවර්ධන වැඩවලින් රට ගොඩගැනීම වුවත් අපේ රට වර්තමානයේ පාලනය කරන ආණ්ඩුව හැම අතකින්ම රටේ ජනතාව තලා පෙළා පොඩි කරලා මිරිකා විනාශ කරලා පාලකයෝ රජවන පුරවැසියෝ දුක්විදින රටක් නිර්මාණය කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (2) දින උතුරු බොරැල්ලේ පැවැති ජන හමුවකට එක් වූ අවස්ථාවේ දීය.

වත්මන් රජය පොදුජනතාවගේ කරපිට බදුපිට බදු බර සහ අධික විදුලි බිලක් පටවා ව්‍යාපාරිකයන් පවා අසරණ කර ඇති බවත් ඊට අමතරව ප්‍රති ත්‍රස්ත පනතක් ඉදිරිපත් කර දුකෙන් පෙළෙන ජනතාව තම ඉල්ලීම් වෙනුවෙන් හඬක් නැගීමත් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසමින් මානව අයිතිවාසිකම් විනාශ කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවැනි අතිශය දුක්ඛිත තත්ත්වයක් තිබිය දී හැමෝටම කැපකිරීම් කරන ලෙස පවසමින් වත්මන් ආණ්ඩුව අතිශය විශාල මුදලක් වැය කරමින් මන්ත්‍රීවරුන් මුදලට බා ගැනීමේ කුමන්ත්‍රණයක නියැලී සිටින බව විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය. පාසල් දූදරුවන්ට දිවා ආහාරය නොලැබෙන, ගර්භනී මව්වරුන්ට පෝෂණ සලාකය නොලැබෙන මේ රටේ ත්‍රිරෝද රථ රියදුරාගේ සිට ස්වයං රැකියා ලාභීයා දක්වා සියලුම දෙනාම අසරණ වී ඇති බවත් ජනතාවට සහන සලසන්න මුදල් නොමැති වුවත් මන්ත්‍රීවරුන් බිලී බා ගන්න කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...