වසන්ත මුදලිගේට එරෙහි අභියාචනය ජුනි 01 වනදා කැඳවීමට නියෝග!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ගත් තීරණයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනය ජුනි 01 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළ අතර , පෙත්සම අද (03) කැඳවූ අවස්ථාවේ දී වගඋත්තරකාර වසන්ත මුදලිගේ අධිකරණයේ පෙනී සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නෛතික දෝෂයක් නිවැරදි කිරීම සඳහා පමණක් එම පෙත්සම අද කැඳවන ලෙස ඉල්ලා සිටි බව දන්වා සිටි අතර , ඒ අනුව නඩුවට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස නියම කළ අධිකරණය පෙත්සම ජුනි මස 01 වනදා කැඳවන ලෙස නියෝග කළේය.

ත්‍රස්ත මර්දන කාර්යාංශය වෙනුවෙන් අභියාචනයක් ගොනුකරමින් නීතිපතිවරයා සඳහන් කරන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වසන්ත මුදලිගේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කරමින් නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීරණය නීතියට පටහැනි බවය.

එම තීරණය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ එම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...