*
Friday, May 3, 2024
spot_img

Latest Posts

(VIDEO):සිගිති ආතල් එක ඔයාලා ගන්න.මමත් අවුරුදු සමරනවා හිර ගෙදරදී – දමිතා හතර අතට වනපු හැටි

කොළඹ LNW: ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වූයේ විදේශ රැකියා ලබාදෙන බව පවසමින් සිදුකළ ඇති වංචාවක් සම්බන්ධයෙන් එල්ල වී තිබෙන චෝදනාවකට අනුවය.

මෙම චෝදනාවට අදාළව අධිකරණයෙන් අපේක්ෂිත ඇප ලබාගැනීමට සහ අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ නියෝගයක් ලබාගැනීමට ඔවුන් උත්සාහ කර තිබුණ නමුත් එය සාර්ථක නොවීය.

කෙසේවෙතත් ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ තමන් සහ සැමියා කිසිදු වංචනික ක්‍රියාවක් සිදුකර නැති බවත් සැඟවීමට අවශ්‍යතාවක් නොවුණු බවයි.

පසුගිය අරගලයේ ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කිරීමේ ප්‍රතිඵල තවමත් තමන් ඇතුළු තවත් අරගලකරුවන් පසුපස පැමිණෙමින් තිබෙන අතර පොහොට්ටුව ඇතුළු තමන්ට එරෙහි පාර්ශව මෙම සිගිති ආතල් එක ගන්නා ලෙසත් තමන් හිරගෙදරදී අලුත් අවුරුද්ද සමරන බවත් දමිතා අබේරත්න මහත්මිය සඳහන් කළාය.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan