Monday, December 11, 2023
spot_img

Latest Posts

සභාග නාටක එපා, ජනතාව ඉල්ලන්නෙ ජනාධිපතිට ගෙදර යන්න කියලා – ජවිපෙ

දේශපාල පක්ෂවල, සංවිධානවල මෙහෙයවීමකින් තොරව පාරට බසින ජනතාව අවධාරණය කරන්නේ ජනාධිපතිවරයා ඉල්ලා අස් වී ගෙදර යායුතු බව යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ඒ නිසා කැබිනට් මණ්ඩලයේ ඔලුගෙඩි මාරුවක් හෝ සභාග ආණ්ඩුවක් වැනි නාටක හරහා අර්බුදයට විසඳුම් ලබාදිය නොහැකි බවයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරන්නේ.

සභාග ආණ්ඩු හෝ වෙනත් නාටක තවදුරටත් වලංගු නොවන බැවින් ජනතා ඉල්ලීමට හිස නමා වහාම ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වී ගෙදර යන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද අනුර දිසානායක මහතා පවසනවා. ජනතා විරෝධය හමුවේ, ජනතාවට මුහුණ දිය නොහැකි, පාරේ බැස යා නොහැකි පුද්ගලයෙකුට තවදුරටත් රටේ නායකයා ලෙස කටයුතු කිරීම සුදුසු නොවන බවද ඔහු අවධාරණය කරනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.