*
Friday, March 29, 2024
spot_img

Latest Posts

අස්වෙන ලිපියට ඊයේ අත්සන් කළා, අද ලිපිය ජනාධිපති අතට – දිනේෂ්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදී කැබිනට් ඇමතිවරුන් සියලු දෙනා ඉල්ලා අස්වීමට තීරණය කළ බවත්, ඊට අදාල ලිපියකට ඇමතිවරුන් සියලුදෙනා අත්සන් තැබූ බවත් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

අදාල ලිපිය ඊයේ දිනයේදීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතට ලබා දී ඇති අතර එම ලිපිය අද දිනය තුළදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබාදීමට නියමිතය. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවී සාකච්ඡා කරනු ඇති බවද ඇමතිවරයා සඳහන් කරනවා.

සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වීමට තීරණය කර ඇති නමුත් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් අග්‍රාමාත්‍ය තනතුරේ කටයුතු කරනු ඇති බවද දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට තීරණය කළද රාජ්‍ය අමාත්‍යවරුන් සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

මේ වනවිටත් නාමල් රාජපක්ෂ මහතා, අලි සබ්‍රි මහතා ඇතුළු කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනෙකුම සිය ඉල්ලා අස්වීමට ප්‍රකාශයට පත්කර තිබෙනවා. මීට අමතරව ශ්‍රීලනිප ලේකම් දයාසිරි ජයසේකර මහතාද ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan