ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එක් දිනක පැවැත්වීමට ඉල්ලීම් කර නෑ – මැ.කො.

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 05 , කොළඹ (LNW):මේ අවස්ථාවේ , ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනක පැවැත්වීමට නොහැකි බවත්, මෙරට මැතිවරණ පැවැත්වීමේ ක්‍රමවේදය අනුව එය ප්‍රායෝගික නොවන බවත් මැතිවරණ කොමිසම පවසයි. 

මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරණය සඳහා නිකුත් කෙරෙන්නේ මුළු දිවයිනටම එක් නිල ඡන්ද ප්‍රත්‍රිකාවක් පමණක් වුවද, මහ මැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික් 22 ක සඳහා ඡන්ද පත්‍රිකා 22 ක් නිකුත් කිරීමට සිදුවන බවයි.

එමෙන්ම මැතිවරණ දෙකක් එක් අවස්ථාවක පැවැත්වීම හා එහිදි ඡන්දය ප්‍රකාශ කිරිම පිළිබඳ මෙරට ඡන්ද දායකයින්ට නිසි දැනුමක් නොමැති වීමද ප්‍රධාන ගැටලුක් බව මැතිවරණ කොමිසම පෙන්වා දෙයි.

එමෙන්ම ඇතැම් දේශපාලන පක්ෂ  මහ මැතිවරණය සඳහා තරග කළද  ජනාධිපතිවරණයේදී ඔවුන් වෙනත් අපේක්ෂකයෙකුට සහය පල කර තරඟ නොකර සිටීම හේතුවෙන්ද යම් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත විය හැකි අතර, මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ මෙවැනි ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන් ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එක් දිනක පැවැත්වීමට මේ අවස්ථාවේ සිදු කළ නොහැකි බවයි. 

මැතිවරණ කොමිසම පැවසුවේ , ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එක් දිනක පැවැත්වීම සඳහා මෙතෙක් කිසිදු පාර්ශ්වයක් තමන්ගෙන් ඉල්ලීමක් නොකළ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් රාජධානියෙන් ලැබුණු ආර්ථික වාසිය – ඇඟළුම් කර්මාන්තයට නව ප්‍රවේශයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවෙන් සිදුකෙරෙන ආනයන වෙනුවෙන් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා...

ඉංග්‍රීසි මොඩියුලයේ ප්‍රශ්නය කියන්න අගමැති මහ නායක හිමිවරු බැහැ දකියි – මාධ්‍යයටත් කතා කරයි !

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දරුවන්ගේ අධ්‍යාපනය රැක ගැනීම...

දිට්වා ආපදාවෙන් හානියට පත් නිවාස වෙනුවෙන් නව නිවාස ලැබෙන හැටි මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්...

හදිසියේ ගුවන් ගමන් අත්හිටුවීමෙන් සිය ගණනක් විදේශීය සංචාරකයින් සොකෝත්‍රා දූපතේ අතරමං වෙලා..

රෂිකා හෙන්නායක ජනවාරි 08 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සෞදි-එක්සත් අරාබි...