නැහැ කියූ බැහැ කියූ IMF වාර්තාව අද පාර්ලිමේන්තුවට එයි!

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

එම වාර්තාවේ කෙටුම්පත මුදල් අමාත්‍යාංශයට ලැබී තිබුණ නමුත් පසුගියදා පැවති සර්ව පාක්ෂික සමුළුවේදී හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ එය ඉදිරිපත් කිරීමට හැකියාවක් නැති බවයි.

කෙසේවෙතත් අද පාර්ලිමේන්තුවේ පැවති උණුසුම් තත්ත්වය මැදම එම අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

මේ අතර අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරු 16ක් ස්වාධීන වී සිටින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අනුර ප්‍රියදර්ශන යාපා මහතා ද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ඔවුන්ගේ මන්ත්‍රීවරු 12දෙනාද ස්වාධීනව පාර්ලිමේන්තුවේ කටයුතු කරන බවයි

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...