ලාභ ලබන සීනි සමාගම් විකුණන්නෙ ඇයි ? – විපක්ෂ නායක සජිත් ප්‍රශ්න කරයි

Date:

මෙරට සීනි පරිභෝජනයෙන් 10%කට ආසන්න ප්‍රමාණයක් පැලවත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලා මගින් දේශීයව නිෂ්පාදනය කරනු ලබන අතර, එම කර්මාන්තශාලා මගින් පවුල් ලක්ෂ 2කට අධික ප්‍රමාණයකට සෘජු සහ වක්‍ර රැකියා සපයාදී තිබේ.

පසුගිය වසරේ රුපියල් බිලියන 3ක වැඩිම ලාභයක් ඉපැයීමට සෙවනගල සීනි කර්මාන්තශාලාවට හැකිවූ අතර, පැලවත්ත කර්මාන්ත ශාලාව ද සෑම වසරකම ලාභාංශ ඉහළ නංවාගෙන තිබේ.

පසුගිය මාර්තු මාසයේ දී රුපියල් මිලියන 350ක් මහා භාණ්ඩාගාරය වෙත ලබාදීමට ද එම කර්මාන්ත ශාලා දෙකට හැකිව තිබේ.

එසේ තිබිය දී 2011 අංක 43 දරණ ඌන ක්‍රියාකාරී හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත යටතේ රජයට පවරා ගත් පැලවත්ත හා සෙවනගල සීනි කර්මාන්තශාලා නැවතත් පෙර ආයෝජකයින් වෙත ලබාදීම සඳහා රජය සැරසෙන බවට පළවන වාර්තාවන් පිළිබඳව විපක්ෂ නායකවරයා ඊයේ (04) ආණ්ඩු⁣ පක්ෂයෙන් ප්‍රශ්ණකර සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...