රාජ්‍ය සේවයට අවුරුදු නිවාඩුව ලබෙන්නේ මෙහෙමයි.

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 06 , කොළඹ (LNW): අප්‍රේල් 11 වනදා සිට 14 වනදා දක්වා වූ දීර්ඝ නිවාඩුවට අදාළව රාජකාරී ඉටුකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

සියලුම දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු ප්‍රාදේශීය පාලනයේ සේවයේ නියුතු සියලුම නිලධාරීන් වෙත මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, එම නිවේදනයේ දැක්වෙන්නේ එම කාලසීමාව තුළදී සියලුම ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය ආයතන සමග සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසයි.

තවද, මෙම කාලසීමාව තුළදී ආපදා සහ හදිසි අත්‍යාවශ්‍ය කාර්යයන් සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසට ද වැඩිදුරටත් අදාළ නිවේදනය මගින් දන්වා ඇත.

වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ, එසේම මේ වනවිට රජයේ සංවර්ධන කටයුතුවලට අදාළව ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති, වැඩසටහන් මෙම නිවාඩු කාලසීමාව තුළදී බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල යෙදීමට කටයුතු කරන ලෙසටයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...