නව දේශපාලන ප්‍රවාහයක් සඳහා රතන හිමිගෙන් අලුත් යෝජනාවක්!

0
1406

ආණ්ඩුවේ සහ විපක්ෂයේ සිටින ප්‍රබුද්ධ පිරිස් එකතු වී නව දේශපාලන ප්‍රවාහයක් ගොඩ නැගිය යුතු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ පැවසූහ.

ඒ, අද (06) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

රටේ දැන උගත් මිනිසුන්ට තැනක් නැති අතර එවැනි අය පාර්ලිමේන්තු පැමිණියද තැනක් නැති බවයි උන්වහන්සේ සඳහන් කළේ.

එහෙයින් අප්පගෙන් පුතාට යන මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමින් දැන උගත් මිනිසුන්ට තැනක් හිමිවන දේශපාලන සංස්කෘතියකට පිවිසිය යුතු බවටයි උන්වහන්සේ පැහැදිලි කළේ.

මේ වන විට බලය හෙබවූ ප්‍රධාන දේශපාලන ධාරා දෙකටම තවදුරටත් මෙය කළ නොහැකි බව ජනතාව පිළිගෙන අවසන් ඇති හෙයින්ද විකල්ප දේශපාලනයක් ගැන සංවාදයද මතුව ඇති හෙයින්ද ස්වාධීන දේශපාලන බලවේගයක් ඇති කරගත යුතුව ඇති බව රතන ස්වාමීන් වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here