ජනපතිගේ ඉල්ලීම ශ්‍රීලනිපය ඉවත දමයි

ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අතර ඊයේ (05) පැවති සාකච්ජාවේදී ජනාධිපතිවරයා විසින් කර තිබෙන ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැබිනට් මණ්ඩලයේ සිටිය යුතු වන හෙයින් නැවත ඇමතිකම් භාරගන්නා ලෙසයි එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

නමුත් එය මේ අවස්ථාවේ කළ නොහැකි දෙයක් බවට එම මන්ත්‍රීවරු පෙන්වා දී ඇති අතර 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය,විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ගෙන එනු ලබන ඕනෑම වැඩපිළිවෙලක් සඳහා සහය දෙන බවද එම මන්ත්‍රීවරු පවසා තිබේ.

මේ වන විට ආණ්ඩු පක්ෂයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 42ක් ස්වාධීන වී සිටිති.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...