*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ට එරෙහි පෞද්ගලික පැමිණිල්ල නිශ්ප්‍රභා වෙයි!

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): හිටපු දකුණු හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා ට එරෙහිව ගොණුකර තිබූ පෞද්ගලික පැමිණිල්ල අද (06) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිශ්ප්‍රභා කරන ලදී.

ඒ මෙම පැමිණිල්ලට අදාළව ප්‍රමාණවත් තරම් සාක්ෂි සැපයීමට පැමිණිලිකාර පාර්ශවය අසමත් වී ඇති බවට නිගමනය කරමිනි.

අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධුරය හෙබවූ 2006 – 2015 යන කාලසීමාව තුළ මහජන මුදල් අවභාවිතා කළ බවට චෝදනා කරමින් පැමිණිලිකාර පාර්ශවය විසින් මෙම පැමිණිල්ල ගොණු කර තිබිණි.

අද දින මෙම පෞද්ගලික පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී, චෝදනාවට අදාළව පැමිණිලිකරු විසින් ප්‍රමාණවත් තරම් සාක්ෂි ඉදිරිපත් කිරීමට අසමත් වී ඇති බවට කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා ඉදිරිපත් කළ මූලික විරෝධතා සැලකිල්ලට ගෙන, කොළඹ මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතාගේ නියෝගය පරිදි පැමිණිල්ල නිශ්ප්‍රභා කරන ලදී.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan