කොළඹ LNW:ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ නව පනත් කෙටුම්පත් සහ සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා වූ නව පනත් කෙටුම් පතට විරෝධය දක්වමින් ඒකාබද්ධ ප්රකාශනයකට අත්සන් තැබීම අද (19) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදුවිය.
එම නව පනත් ද්විත්වය හරහාම රාජ්‍ය ත්‍රස්තවාදය මුදාහැරීමක් සිදුවන බවයි එහිදී අවධාරණය කළේ.
දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, බහුජන සංවිධාන, ශිෂ්‍ය සංවිධාන, දේශපාලන හා සිවිල් ක්රියාකාරිකයින්ගේ සාමූහික එකතුවකින් එම ඒකාබද්ධ ප්රකාශනය නිකුත් කර තිබෙන අතර එම අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටියහ.
ඒ අනුව වහාම මෙම පනත් කෙටුම්පත් හකුළා ගන්නා ලෙස රජයට බලකරන ලදී.
මේ සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීමේ ආකාරය මත තවදුරටත් විරෝධතා සංවිධානය කිරීමටද ඔවුන් බලාපොරොත්තු වෙයි.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න













