ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ දෙසැම්බර් 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල නියම කර තිබේ.
ඒ, ඔහුව ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් අද (19) දිනයේදී කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
එහිදී ඔහුට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර භාරදීම සිදුකෙරුණු අතර ඔහුට ඇප ලබාදීම සඳහා සුවිශේෂී කරුණු ඉදිරිපත්ව නොමැති හෙයින් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කරන බවයි විනිසුරු මඬුල්ල සඳහන් කළේ.


