රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW:
සිවුරු දරා සිටි විත්තිකරුවෙකු, බාලවයස්කාර පිරිමි දරුවෙකුට ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් වරදකරු කරමින් ඔහුට වසර අටක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබේ.
ළමුන්ට එරෙහි අපරාධ සම්බන්ධ නඩු විභාග කරන අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු සඳුන් විතානගේ මහතා විසින් මෙම දඬුවම නියම කරන ලදී.
එමෙන්ම, වින්දිත දරුවාට රුපියල් 300,000ක වන්දියක් ගෙවන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට නියෝග කළේය.
2021 අප්‍රේල් 4 වන දින හෝ ඊට ආසන්න දිනයකදී විත්තිකරු විසින් මෙම වරද සිදු කර ඇති බවට චෝදනා කරමින්, නීතිපතිවරයා විසින් අනුරාධපුර ළමා අපයෝජන පිළිබඳ විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ගොනු කර තිබුණි.


