මාවනැල්ලේදී පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙක් මරුට !

Date:

මාවනැල්ල, පදෝදොර ප්‍රදේශයේදී ආරවුලක් විසඳීමට ගිය අවස්ථාවකදී ඊයේ (06) රාත්‍රියේ පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයකු මරණයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 53 හැවිරිදි අයෙකි.

ආරවුලක් සම්බන්ධයෙන් ලැබුණු දුරකථන ඇමතුමක් අනුව එහි ගිය අවස්ථාවේදී ආරවුලට සම්බන්ධ පුද්ගලයෙකු පොලිස් නිලධාරියෙකුට පහරදී ඇති අතර එහිදී තවත් පොලිස් නිලධාරියෙකු අහසට වෙඩිතබා ඇති බවත් අදාළ පුද්ගලයා ඔහුට ද පහරදීමට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු විසින් වෙඩිතැබීමක් ද සිදුකර ඇති බවත් පොලිසිය පවසයි.

එම වෙඩිතැබීමෙන් පෙරකී පහරදීම සිදුකළ පුද්ගලයාගේ පියාට වෙඩිවැදී ඇති අතර ඔහු මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

කෙසේවෙතත් මියගිය පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අපරාධකරුවකු බවයි පොලීසිය පවසන්නේ.

සිදුවීමෙන් තුවාල ලැබූ බව කියන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

පොලිස් නිලධාරීන්ට පහරදුන් බව කියන පුද්ගලයා පළාගොස් ඇති අතර ඔහුව සොයා විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවත් පොලීසිය පවසයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 29) දිනයේදී දිවයිනේ බොහෝ...

ගල් අඟුරු බාල වුණාට රටට පාඩුවක් නෑ – රජයේ ගල් අඟුරු සමාගමේ ප්‍රධානීන් කියයි

මෙවර ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සමාගම මෙරටට සැපයූ පළමු...

ජාතික කාන්තා කොමිසමේ පළමු සභාපතිනියත් ඉල්ලා අස්වෙයි !

ජාතික කාන්තා කොමිසමේ සභාපතිනිය වූ නීතීඥ රමණී ජයසුන්දර මහත්මිය...

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...