*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

ප්‍රජාතන්ත්‍රවාදයේ බැරෑරුම් ම ආකෘතිය අරාජිකත්වය යි …

මොකක් හරි හේතුවකට අපි දැන් යම් ‘සිද්දියක්’ පටන් අරගෙන තියෙන්නේ. ඒකෙ පරමාදර්ශ, අරමුණු, සටන් පාඨ, සහභාගී වෙන පුද්ගලයෝ යනාදී දේවල් ගැන හැමෝටම යම් යම් ගැටළු ඇති. අන්තිමේ විප්ලවීය අවස්ථාව කියන්නේ මේ වගේ එකකටද කියලත් දැන් කුකුස් උපදිනවා ඇති. රුසියාවේ ලෙනින් කරපු විප්ලවයේ ෆොටෝ එහෙම අපේ හිත් වල පැළපදියම් වෙලා තියන නිසා අපි ෆැන්ටසි හදාගෙන ඉන්නවා විප්ලව මේ වගේ වෙන්න ඕනි කියල. එහෙම ෆැන්ටසි එකක් එක්ක ළඟම තියන ටවුමේ කොල්ලන්ගේ විරෝධයට එක්වුණාම හිතෙන්න පුළුවන් අයියෝ මේ මොකක්ද වගේ හැඟීමක්.

‘ලෝකවාසී පීඩිතයිනි එක්වව්’ වගේ සටන් පාඨ වෙනුවට ඔයාලට ඇහෙයි ‘කපුටු කාක් කාක් කාක්’ කියල. හැබැයි අර පරණ එකේ නැති ප්‍රමෝදයක් මේකේ තියනවා. විනෝද අතිරික්තයක් කියලත් කියන්න පුළුවන්. ඒක වැඩේ ඉදිරියට අරන් යන ජීව ගුණයක්.

හැබැයි සමීපව බැලුවොත් තේරෙයි ඒ විනෝදකාමී බිග් මැච් සෙන්ස් එකට යටින් මිනිස්සු ඊට වඩා සීරියස් දෙයක ඉන්නවා කියල. මිනිස්සු වෙනසක් ඉල්ලනවා. රටේ දියුණුවක් ගැන සිහිනයක් ඒ මිනිස්සුන්ට තියනවා. අනාගතය ගැන බියක් තියනවා. අපිට ආයෙත් වැරදුණා කියල එයාලට තේරිලා තියනවා. ඒක තමයි දේශපාලනික මොහොත.

කවදා හෝ සියලු කරුණු පරිණත වෙලා විප්ලවීය මොහොත එනකම් ඉන්නවා වෙනුවට ‘මෙතැනය මේ මොහොතේය’ (here and now) කියල හිතල ඒ මොහොත විප්ලවීය ලෙස පෙරළා ගන්න අපි සමත් වෙන්න ඕනි.

හැට නම ලක්සේ බයියෝ කියල කියන අය තමයි වැඩියෙන්ම ක්‍රියාකාරී වෙලා සමහර තැන්වල බැහැල ඉන්නේ. 225 එපා කියල කියන සටන් පාඨය එයාලගේ තමයි. එයාල තවම ඒකෙ ඉන්නවා. ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන් ව්‍යුහාත්මක වෙනසක් වෙනුවෙන්. රැඩිකල් වෙනසක් වෙනුවෙන්. පෙර නොතිබුණ පරිකල්පනීය නිමේශයක් වෙනුවෙන්.

පාර්ලිමේන්තුවේ ඉන්න අයටත් යම් කාර්යයක් තියනවා. ඒ තමයි ජනතා විශ්වාසය දිනාගන්න යම් උත්සාහයක්, අවංක උත්සාහයක් ගන්න එක. ප්‍රජාතන්ත්‍රවාදයේ ඇත්ත වෙනසක් ඇති කරන එක. දුෂිත සහ සාපරාධී කොටස් පස්සට තල්ලු කරන එක. පාර්ලිමේන්තුවෙන් එළියේ වගේම ඇතුළෙත් අවංක උත්සාහයක් ගත්තොත් අර මිනිස්සු හිතන දේ ළඟා කරලා දෙන එක තවත් ඉක්මණින් කරන්න පුළුවන් වෙයි.

හැබැයි අපි නිර්භීතව ඒ අවසන් අරමුණ ළඟා වෙනකම් ඉදිරියට යන්න වෙනවා. අත අරින්න බැහැ. අන් සියල්ල කැපකරලා එක සිහිනයක් වෙනුවෙන් අපි හැමෝටම යම් දුරක් යන්න වෙනවා.

225හේ කතා පෙට්ටිය ඇතුලින් අවම වශයෙන් ඊයේ ආපු යෝජනාව තරමක් හොඳ එකක්. ඒ තමයි කෙටි කාලෙකට භාරකාර ජනාධිපති කෙනෙක් පත් කර ගන්න කියන එක. හර්ෂගේ නමත් කියවුණා. තාවකාලිකව ඒක හොඳ ප්‍රවේශයක් වෙන්නත් පුළුවන්. විශේෂයෙන් IMF එකට අපට යන්න වෙනවා නුදුරේම. ඒකට යම් පුර්ව සුදානමක් තියෙන්න ඕනි.

‘යුගයක අවසානයක් අත්විඳිමින් යන ගෝලීය වම නැවත තමන්ගේ ජීවය රඳවා ගන්න අමාරු අරගලයක ඉන්න මේ වගේ වෙලාවක, යම් විප්ලවීය අවස්ථාවක් මේ පීඩාකාරී මොහොත ඇතුලෙම හොයා ගන්න ඕනි. නැත්නම් මරණය තෝරා ගන්න ඕනි’.

‘අළුත් සිහිනයක් වෙනුවෙන් කැප වෙන්න ඕනි. ඒ සිහිනයේ අවසානය අත්දකින කල් ගමන් කරන්න ඕනි’. ලෙනින් කළේ ඒක කියල ජිජැක් කියනවා.

225 එපා කියන එක ඇතුලේ වෙනස්, අළුත් සිහිනයක් තියෙන්න පුළුවන් කියල මට හිතෙනවා. 225 නැති වුණොත් අරාජික වෙනවා කියල අළුතෙන් බය වෙන්න ඕනි නැහැ. දැන් කොහොමටත් අපි ඉන්නේ දැවැන්ත අරාජක බවක. ඩොලර් එක ඒකට ඕනි විදියට නම්, වෙළද පල ඒකට ඕනි විදියට නම්, පෙට්‍රල් ඩිසල් ඒවාට ඕනි විදියට නම්, හාල් එළවලු ඒවාට ඕනි විදියට නම්, ටයිල් කැටේ සිමෙන්ති ටික ඒවාට ඕනි විදියට නම්, බස් ගාස්තු හිතූ හිතූ විදියට නම් මේක අරාජකයි තමයි.

‘විප්ලවයේ ගීතයට නර්තනයේ යෙදෙන්න මට නොහැකි නම් ඒක මගේ විප්ලවය නෙවෙයි’ කියල එමා ගෝල්ඩ්මන් කියලත් තියනවා. (If I can’t dance to it, it’s not my revolution). ඒ නිසා මිනිස්සුන්ගේ ආතල් එක මට ප්‍රශ්නයක් නෙවෙයි.

‘ප්‍රජාතන්ත්‍රවාදයේ බැරෑරුම් ම අවස්ථාව අරාජකත්වය යි’. ‘Anarchism is democracy taken seriously’ (Edward Abbey). ඒක හිතේ තියාගෙන එකතු වෙමු. වැඩ කරමු.

කියවන්න: Revolution at the Gates: Zizek on Lenin. Verso. London.

  • මහේෂ් හපුගොඩ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan