චීනය රුසියාවට සහාය දැක්වූවහොත් සම්බාධක පැනවිය යුතුයි – එක්සත් ජනපදය

Date:

යුක්රේනයේ මතුව ඇති යුධමය තත්ත්වය හමුවේ චීනය රුසියාවට සහාය දැක්වූවොත් ඔවුනට සම්බාධක පැනවිය යුතු බව එක්සත් ජනපදය පවසයි.

යුක්රේනයේ යුධමය තත්ත්වය නිසා එක්සත් ජනපදය රුසියාවට පනවා ඇති සම්බාධක හමුවේ චීනය රුසියාවට ද්‍රව්‍යමය සහාය සැපයීමට කටයුතු කරන්නේ නම් ඉන් ඇතිවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳව චීනය හොඳ අවබෝධයකින් පසුවිය යුතු බව එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වෙන්ඩි ෂර්මන් පැවසුවාය.

ඒ අනුව, රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින්, එරට ආර්ථිකය සහ අල්පකලාපීය බලාධිකාරියට එරෙහිව පනවා ඇති සම්බාධක චීනයේ ජනපති ෂි ජින්පිං සඳහා ද ආදර්ශයක් විය යුතු බව ඈ අවධාරණය කළාය.

එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරිය මේ බව පවසා සිටියේ ඊයේ (06) දින නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු කමිටු රැස්වීමක් අමතිමින් ය.

චීනය රුසියාවට සහාය පළ කරන්නේ නම්, රුසියාවට දැනටමත් පනවා ඇති සම්බාධක වල බැරෑරුම් බව චීන ජනාධිපතිවරයා විසින් අවබෝධ කරගත යුතුව ඇති බවයි ඈ කමිටුව අමතමින් අවධාරණය කළේ.

එමෙන්ම, මෙම අවවාදය හුදෙක්ම එක්සත් ජනපදයෙන් පමණක් නොව සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවෙන් ම ලැබෙන අවවාදයක් සේ සලකා චීන රජය කටයුතු කළ යුතු බව ද ඈ පෙන්වා දෙන්නීය. 

පුටින් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ‘යුක්රේනය ආක්‍රමණය කිරීමක්’ ලෙස අර්ත නැංවීම හෝ හෙළා දැකීම චීනය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. එමෙන්ම, මතුව ඇති තත්ත්වය හමුවේ බටහිර රාජ්‍යයන් විසින් රුසියාවට එරෙහිව දැඩි සම්බාධක පැනවීමට කටයුතු කර තිබීම චීනය විසින් හෙළා දැක තිබේ.

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...