අද (08) දවසේ වැසි ඇතිවිය හැකි ප්‍රදේශ සහ හිරු මුදුන් වන ප්‍රදේශ

Date:

අද (08) දිනයේදී බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (08) දහවල් 12:12 ට මාරවිල, පොතුහැර, ගුරුකැටේ, කල්මුණේ, ගර්තලවෙල සහ වරාපිටිය යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන ලියාපදිංචියේදී හා පැවරීමේදී TIN අංකය අනිවාර්යයයි

සටහන - රුවන් නෙළුගොල්ල වාහන ලියාපදිංචි කිරීමේදී හා අයිතිය පැවරීමේදී...

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු...

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...