*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

නාමල්ට තව කල් තියෙනවා. අපි එක්කෙනෙක් දායි. මට බැසිල් හම්බුණේ නෑ සාකච්ඡාව ගැන අහන්න – මහින්ද කියන කතාව

ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනිවාර්යයෙන්ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනු ඇති බව එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ප්‍රශ්නය – රනිල් වික්‍රමසිංහ මහත්තයායි බැසිල් රාජපක්ෂ මහත්තයායි සාකච්ඡාවක් තිබ්බා, ඒක සාර්ථකද ?

“මට තාම බැසිල් හම්බුණෙ නෑ අහන්න”

ප්‍රශ්නය – ඔබතුමාගෙ මව් පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් ප්‍රශ්න රාශියකට ලක්වෙලා. ඔබතුමා ඒක මොන ආකාරයටද දකින්නෙ ?

“ඒක ඉක්මනින්ම විසඳාගනී කියලා මම විශ්වාස කරනවා”

ප්‍රශ්නය – සමගි ජන බලවේගය ඊයෙ සන්ධානගත වුණා. මේක ඔබතුමාලාට මොනවගේ අභියෝගයක් වෙයිද ?

“මොනවා වුණත් ප්‍රශ්නයක් නෑ අපට. සන්ධාන දහයක් ගැහුවත් අපට ප්‍රශ්නයක් නෑ”

ප්‍රශ්නය – දැන් රනිල් වික්‍රමසිංහ මහතා කියලා තියෙනවා ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න යන්නෙ කියලා. එතකොට ඔබතුමාලාගේ පක්ෂයෙන් කවුරුහරි ඉදිරිපත් වෙනවද ජනාධිපතිවරණයට ?

“අනිවාර්යයෙන් නේද ? අපි ඉදිරිපත් කරයි එක්කෙනෙක්. අපි තාම කැඳෙව්වෙ නෑ අපෙ ක්‍රියාකාරීන්. කැඳවලා ඒ ගැන තීන්දුවක් ගන්නවා”

ප්‍රශ්නය – ඒ වගේම නාමල් රාජපක්ෂ මහත්තයා ගැනත් කතාවෙනවා ?

“මම හිතනවා තව කල් තියෙනවා කියලා එයාට”

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (07) අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan