*
Friday, May 3, 2024
spot_img

Latest Posts

NPPයට තියෙන්නෙත් JVP ප්‍රතිපත්තිම තමා. මේකෙ වෙනසක් නෑ. සමාජවාදය කියන්නෙ බයවෙන්න ඕනෙ එකක් නෙවෙයි – ටිල්වින්

ජාතික ජන බලවේගය සතුව පවතින්නේත් ජනතා විමුක්ති පෙරමුණේම ප්‍රතිපත්ති බවත් එහෙයින් ජාජබ පෙන්වා බලය රැගෙන ජවිපෙ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට තමන් උත්සාහ ගන්නා බවට කරන චෝදනාවන්ට පදනමක් නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

සමාජවාදය යනු බිය වියයුතු වචනයක් නොවන බව පැවසූ ඒ මහතා සමාජවාදය යනු මීළඟට බිහි කළයුතු ලස්සන සමාජයට කියනා නම බවයි සඳහන් කළේ.

ප්‍රශ්නය – දැන් එන්පීපී එක සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ප්‍රතිපත්තිවල කොයි වගේ වෙනස්කම්ද තියෙන්නෙ ?

“මෙහෙමයි, ලොකු වෙනසක් නෙවෙයි තියෙන්නෙ ඉතින්. ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදී මූලධර්ම මත රටක් වෙනස් වෙනවා කියලා විශ්වාස කරන, වාමාංශික දේශපාලනය කරන, මාක්ස්ගෙ ලෙනින්ගෙ ඉගැන්වීම්වලිනුත් ඉගෙන ගන්න දේශපාලන ව්‍යාපාරයක්. අපි අනිත්වාත් ඉගෙන ගන්නවා. එතකොට එන්පීපී කියලා කියන්නෙ අපි වාමාංශික, ප්‍රගතිශීලී, ප්‍රජාතන්ත්‍රවාදී, දේශප්‍රේමී, රටට ආදරය කරන සියලු බලවේගයන් එකතුවෙච්ච මහජන ව්‍යාපාරයක්. එතකොට ඒකෙ අපිත් ඉන්නවා වෙන අයත් ඉන්නවා. එනිසා ඒකෙ තියෙන එක තමයි අපි දෙගොල්ලොන්ගෙම – ඒ කියන්නෙ ජේවීපී එකෙයි එන්පීපී එකෙයි අරමුණුවල සමපාත කමකුත් තියෙනවා. මොකක්ද, අපට ඕනෙකම තියෙනවා සාධාරණ සමාජයක් හදාගන්න, හොඳ රටක් හදන්න, හොඳ ආර්ථිකයක් හදන්න, ජාතික නිදහස අපට දිනාගන්න, ජාතික පුනර්ජීවනයක් නිර්මාණය කරගන්න, ඒකට අපි ඔක්කොම එකට ඉන්නවා. ඉතින් ලොකු වෙනසක් නෙවෙයි තියෙන්නෙ. සමහරවිට ගත්තොත් කෙනෙක් මාක්ස්ව කියවන්නෙ නැතිවෙන්න පුළුවන්, නමුත් අපි මාක්ස්ව කියවලා තියෙනවා. මාක්ස්ට කැමතියි. තව කෙනෙක් නිකම් සමාජවාදය කියන වචනයට පොඩි අකමැත්තක් තියෙන්න පුළුවන්, නමුත් අපි හිතනවා කවුරුත් ඒක බයවෙන්න ඕනෙ දෙයක් නෙවෙයි, ඊළඟට හදන්න ඕනෙ ලස්සන සමාජයට කියන නම කියලා අපි. ඒ වගේ පොඩි වෙනස්කම් තියෙනවා, නමුත් ලොකු වෙනසක් නෑ ඇත්තට ගත්තොත් එහෙම. මොකද අපි ඔක්කොම එකට වැඩ කරන්නෙ අපේ රට මීට වඩා ලස්සන, ශක්තිමත් හොඳ රටක් බවට පත්කරගන්න නෙ”

ප්‍රශ්නය – බොහෝදෙනෙක් කියන කාරණයක් තමයි බලයට ආවොත් නැවතත් – දැන් එන්පීපී එක පෙන්නලා බලයට ඇවිල්ලා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්න ඉඩකඩ තියෙයිද ?

“ඉතින් අපේ ප්‍රතිපත්තිවල තියෙන නරක මොකක්ද ?”

ප්‍රශ්නය – බොහෝදෙනෙක් කියන දෙයක් තමයි මේ සමාජවාදී ප්‍රතිපත්ති කාලානුරූපීව … මේවා හරි සංකීර්ණයි ….

“එකම දේ තමයි ඔය සමාජවාදය ගැන දන්නෙත් නැති, මාක්ස් ගැන දන්නෙත් නැති, ඔය මොකක්වත් කියවලා නැති මිනිස්සුන්ගෙ විකාර ඔය. හරිද ? අපි කියන්නෙ මොකක්ද, ඔය මොන නමින් කිව්වත් … මෙන්න මෙහෙම කියන්නකො, මේ තියෙන බංකොලොත් වෙච්චි කාලකන්නි රට වෙනුවට අපිට ශක්තිමත් ආර්ථිකයක් තියෙන, ඒ ආර්ථිකය හදන්න මිනිස්සු ඔක්කොම කැමැත්තෙන් දායක වෙන, ඒ ආර්ථිකයේ ප්‍රතිලාභ පවුල් දෙකතුනක් අතට නෙවෙයි ඒකට දායක වෙන හැමෝටම කිසියම් සාධාරණ ක්‍රමයකට හැමෝටම ප්‍රතිලාභ ලැබෙන සමාජයක් ඕනෙ නැද්ද ? ඒක තමයි අපි මේ හදන්න යන්නෙ. ඒකට කෙනෙක් සමාජවාදය කියන්න පුළුවන්, තවකෙනෙක් ඒකට වෙන නමක් කියන්න පුළුවන්. ඊළඟට සමාජයේ අපි ජීවත් වෙද්දී මනුස්සකම අපට දැනෙන්න ඕනෙ නැද්ද ? ඔබ දන්නවා මේ සමාජයේ අපට මනුස්සකම දැනෙනවා අඩුයි කියලා. මනුස්සකම, ආදරය, රැකවරණය … මේ සමාජය ඇතුළෙ අවුලක් තියනවානෙ. මේ සමාජය වෙනස් කරලා වෙනස්ව හිතන, කාන්තාවන්ට ගෞරවය තියෙන, ආරක්ෂාව තියෙන, දරුවන්ට ආරක්ෂාව තියන, දරුවන්ට මත්ද්‍රව්‍ය විකුණන්නෙ නැති, මත්ද්‍රව්‍ය කොහොමත් ගේන්නෙ නැති, මිනිස්සු හිනාවෙලා ඉන්න සමාජයක් හදන්න ඕනෙ නැද්ද ? හදන්න ඕන. හදන්න පුළුවන් ඇත්තටම. මේ මේක ජීවිතයක් නෙවෙයිනෙ, දවසම පීඩාවට පත්වෙලා, තරහා ගිහිල්ලා එහෙම ඉන්න එක ජීවිතයක් නෙවෙයි. ඉතින් ඒක හදන්න මූලික දේවල් ටිකක් ඕනෙ. අපි හැමෝගෙම මූලික වුවමනා ඉටු වුණොත් තමයි අපට නිදහසේ ඉන්න පුළුවන්. පීඩාව විසින් මිනිස්සුන්ව රළු කරනවා, ඒක මිනිස්සුන්ගෙ වරදක් නෙවෙයිනෙ. අපි උපදින්නෙ ඔක්කොම අහිංසක ළදරුවොනෙ, මේ සමාජය ඇතුළෙනෙ මේ ඔක්කොම දේවල් සිද්ධ වෙන්නෙ. අපි කියන්නෙ මිනිස්සුන්ගෙ ආර්ථිකය හදලා, ඔළුවත් හදලා අධ්‍යාපනයෙන්, කලා සංස්කෘතික පැත්තෙන් මිනිස්සු අතර විශාල අධ්‍යාත්මයක් හදලා සුන්දර ලස්සන මිනිස්සු හදන්න පුළුවන්. ඉතින් අපි මේ උත්සාහ කරන්නෙ එහෙම එකක් හදන්න. ඒකට ඉතින් එක එක්කෙනා එක එක නම් කිව්වට අපට කරන්න දෙයක් නෑ. එන්පීපී එක හදන්නෙත් ඒක හදන්න, අපි හදන්නෙත් ඒක හදන්න. ඒක නිසා එන්පීපී බලයට ආවාට පස්සෙ අපේ මේ අමුතු ප්‍රතිපත්තියක් ඒකට ගෙනල්ලා ගහන්න බෑ. දැන් මේ වෙලාවේ එන්පීපී එකේ තියෙන්නෙ අපේ ප්‍රතිපත්ති”

ප්‍රශ්නය – ජේවීපී එකේ ?

“ඔව්. අපි කැමති ප්‍රතිපත්ති තමයි එන්පීපී එකේ තියෙන්නෙ. එනිසා එන්පීපී ප්‍රතිපත්ති කියන්නෙ එන්පීපී එකෙයි අපෙයි දෙගොල්ලන්ගෙම ප්‍රතිපත්ති. ඒකෙ වෙනසක් නෑ. දැන් එන්පීපී පෙන්නලා අපි වෙන ගේමක් ගහන්න යනවා කියලා නිකම් මතයක් හදන්න යනවානෙ ? එහෙම නෑ, අපට එහෙම එකක් ඕනෙ නෑනෙ. අපි කාටත් ඕනෙ මේ රට මෙතනින් පොඩ්ඩක් උඩට ගන්න”

ප්‍රශ්නය – ඒ කියන්නෙ නංගි පෙන්නලා අක්කා දෙනවා නෙවෙයි ?

“එහෙම නෙවෙයි, එහෙම ඕනෙ නෑනෙ අපට. එහෙම නම් අපි කෙළින් කියනවා, එහෙම පක්ෂයක්නෙ අපි”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan