*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ඉතිහාසය පුරාම ආණ්ඩු හැදුවේත්, ආණ්ඩු එළවලා දැම්මෙත් ගැහැනු අපි – හරිනි

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 08, කොළඹ (LNW): ජාතික ජන බලවේගයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින්, ජනතාවාදී පාලනයක් යනු මුළු රටම ජයග්‍රහණය කරවීම බව
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය පවසයි .

කාලයක් පුරා NPP එකට ප්‍රතිපත්ති නැති බව කියූ නමුත් , ඔවුන්ට ප්‍රතිපත්ති තිතිබෙන බවත්, අවුරුදු 76ක් තිස්සේ රට පාලනය කළ අය රට බංකොළොත් කර ඔවුන්ගේ ප්‍රතිපත්ති කොහිද කියා අහන බවත් ඇය පවසයි. සතියට අලුත් මාතෘකා ගෙනැවිත් පුස් වෙඩි වාගේ විනාශ වෙලා යන බවත් කියා සිටියේය.

වැඩිදුරටත් ඇය පැවසුවේ ,

” ලංකාවේ සිදු වන්නේ මොනවාද කියලා මුළු ලෝකයම බලා ඉන්න මොහොතක රට තීරණාත්මකව වෙනස් කරන්න ඔබ, අපි වැනි ගැහැනුන් විශාල වැඩ කොටසක් භාරගෙන තිබෙනවා. අප භාරගෙන තිබෙන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම පමණක්ම නොවෙයි. ඉතිහාසය පුරාම ආණ්ඩු හැදුවේත්, ආණ්ඩු එළවලා දැම්මෙත් ගැහැනු අපි. මෙතෙක් කල් අපව ගණන් ගත්තේ මැතිවරණ කාලයේදී විතරයි. බොරු පොරොන්දුවලට රැවටිලා, ඡන්දය දීලා අපි තමයි ආණ්ඩු පිහිටුවූයේ. අවුරුදු හැත්තෑහයක් තිස්සේ තට්ටුමාරු ක්‍රමයට ඒ ගොල්ලෝ බලයට ඇවිත් අපේ ජීවිත සම්පූර්ණයෙන්ම බිඳවැටිලා. තව සතියකින් උදා වෙන අවුරුද්ද වෙනුවෙන් 2019 ඉඳලා කෑම මේසය හදන්න ගන්න කැවිලි සඳහා අවම වියදම සියයට 126%කින් වැඩි වෙලා. මේ අවුරුද්දේදී සියයට දෙකකින් අඩු කරලා පාලකයන් ආර්ථිකය හොඳ බව කියනවා. ඇත්ත බඩු මිල මොකක්ද කියලා අපි දන්නවා. 126%ක් බඩු මිල වැඩි කරලා දැන් අඩු වූ බවට බොරු සංඛ්‍යා කියලා අපව රවට්ටන්න බැහැ. මේ පාර අපි වෙනස් වෙන්නේ ඡන්දය දීලා පැත්තකට වෙලා බලා ඉන්න නොවෙයි, රට හදන්න නායකත්වය ගන්නයි. තව දුරටත් රැවටෙන්න අප සූදානම් නැහැ. අද දළදා මාලිගාව පෙන්වන්නත්, බස්වලින් කට්ටිය ගෙන යනවාලු. ඒකෙන් පේන්නේ ගැහැනු අපට බය වෙලා තියෙන තරම. අපි තවමත් ආණ්ඩුව හදලාත් නැතිව ඒ ගොල්ලොත් වෙනස් වෙනවා නම්, ඒක හොඳ දෙයක්.

අපි මේ මැතිවරණයක් දැකලා කරන දේවල් නොවෙයි. අවුරුදු ගාණක් කල්පනා කරලා, සැලැසුම් කරලා මේ රටේ ගැහැනුන්ට බලය ලබා ගන්න දැනුවත් කිරීම් මේ කරන්නේ. රට පිළිබඳව තමන්ගේ ජීවිත පිළිබඳව තීන්දු තීරණ ගන්න හැකි සමාජයක් අපි හදනවා. ගැහැනුන්ට එකතු විය හැකි ආරක්‍ෂිත, ආදරණීය, අපට ගරු කරන අභිමානවත් ලෙස සිටිය හැකි තැනක් අපි නිර්මාණය කරනවා. මේක ක්‍රමානුකූලව යන ගමනක්. මේ ක්‍රමය වෙනස් කරන්න නම්, අනුර සහෝදරයා ජනාධිපති කර ජනතාවාදී පාලනයක් අපි පිහිටුවන්න ඕනෑ. ජනතාවාදී පාලනයක් කියන්නේ ඒ ආණ්ඩුවේ බලය අප අතට අරගෙන මාලිමාවේ අය විතරක් නොවෙයි, මුළු රටම ජයග්‍රහණය කරවීමයි. ගමේ ගැහැනුන් එකතු කරගෙන සංවිධාන පිහිටුවමින්, අපි යන්නේ නිකම් තනතුරු පිරිනමන්න නොවෙයි. අපට ඉදිරියටත් වැඩ තිබෙනවා. අප සියලු දෙනා එකතු වෙලා ජනතාවාදී පාලනයක් කියන සිහිනය හැබෑ කර ගන්න ඕනෑ. පාලකයාට බර කරගෙන තිබෙන ධනය, වරප්‍රසාද සියල්ල ජනතාවගේ පැත්තට ගන්න ඕනෑ. පාලකයාත්, පුරවැසියාත් අතර වෙනසක්, දුරස්ථභාවයක් තියෙන්න බැහැ. අපේ සල්ලි වියදම් කරමින්, ඔවුන් සුරසැප විඳින අතර, අපට දුක් විඳින්න සිදුවී තබෙන ක්‍රමය වෙනස් කරන්න ඕනෑ. අපේ බදු මුදල්වලින් බලය පවත්වාගෙන යමින්, එය තමන්ගේ උරුමයක් ලෙස සලකන අය අපට විවිධ චෝදනා කරනවා. සින්දු කීවත්, නැටුවත්, කතා කළත්, හිනා වුණත් අන්වීක්‍ෂයකින් බලමින්, වැරැදි හොයනවා. මිනිසුන්ගේ සංස්කෘතික ජීවිතයේ විනෝද වෙමින්, සතුටින් සිටීමේ අයිතිය අපට තිබෙනවා. අප කාගේවත් දේවල් හොරකම් කරලා නොවෙයි, සතුටු වෙන්නේ. අපි බතුයි, ලුණුයි කෑවත්, ඒක කන්නේ අභිමානයෙන්.

කාලයක් තිස්සේ අපට ප්‍රතිපත්ති නැහැ කියලා කෑගැහැව්වා. ප්‍රතිපත්ති තියෙනවා කියලා, අවුරුදු 76ක් තිස්සේ රට පාලනය කළ අය රට බංකොළොත් කරලා අපේ ප්‍රතිපත්ති කොහිද කියලා අහනවා. සතියෙන් සතියට අලුත් මාතෘකා ගෙනැවිත් පුස් වෙඩි වාගේ විනාශ වෙලා යනවා. අලුත්ම මාතෘකාව විවාදයකට එන්නලු. විවාද කරන්න අපි සූදානම්. ඒකට පිළිවෙළක්, කලාවක් තියෙනවා. ඉස්සර වෙලාම එන්නේ ජනාධිපතිවරණය. මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැති අය විවාද කරලා තේරුමක් නැහැ. අපි අපේ අපේක්‍ෂකයා ඉදිරිපත් කරන්නම්. ඒ ගොල්ලන්ට ඕනෑ නම්, සජිත් ප්‍රේමදාසත්, රනිල් වික්‍රමසිංහත් ගෙනැල්ලා ජනතාව ඉදිරියේ විවාදයක් තියමු. ඒක කීවාම මුහුණ දෙන්න බැරිව යට යනවා. ඔය විවාද මාතෘකාව ගත්තේ සජිත් ප්‍රේමදාස මහත්තයාව යට යවන්න ඇතුළෙන්ම ක්‍රියාත්මක කරන කුමන්ත්‍රණයක් හැටියටද කියලත් මම හිතනවා. මාධ්‍යවේදීන් අනුර සහෝදරයාව ප්‍රශ්න කරන විදියට සජිත් ප්‍රේමදාස මහත්තයා ප්‍රශ්න කරනවා ඔබ දැක තිබෙනවාද? මාධ්‍යවේදීන් තුන්හතර දෙනා එකතු වී ප්‍රහාර එල්ල කරමින්, අනුර සහෝදරයාව ප්‍රශ්න කරනවා. සජිත් ප්‍රේමදාසව කවදාවත් එහෙම ප්‍රශ්න කරලා නැහැ. එහෙම තියෙද්දී, ඔහුගේම පක්‍ෂයේ අය ගෙන ආ විවාදය නිසා සජිත් ප්‍රේමදාසටත් ඒ ගැන කතා කරන්න සිදුවී තිබෙනවා. සමගි ජන බලවේගය කීවාට අපට කියන්න වෙන්නේ අසමගි බලවේගය කියලා. ඔවුන්ගේ නායකයාට ඔවුන් හරස් වෙනවාද කියලා මට නම සැකයි. ඒ විදියට නායකයාව අමාරුවේ දාන්න අවශ්‍ය නැහැ. ඕක සමහර විට රනිල් වික්‍රමසිංහගේ සැලැසුමක්ද දන්නෙත් නැහැ, සජිත් ප්‍රේමදාසව අමාරුවේ දාන්න. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ ඕනෑම කුමන්ත්‍රණයක් කර බලයේ ඉන්න සිතුවිල්ල විතරයි.

ගැහැනු අපි බලාගෙන හිටියා හොඳටෝම ඇති. අපි සියලු දෙනා එකතු වී ඉන්නේ රට හදන අරමුණින්. ඒ වෙනුවෙන් පැහැදිලි සැලැසුමක් තියෙනවා. අපි සියලු දෙනාම එකඟ වී ප්‍රතිපත්ති හදන මූලධර්ම තිබෙනවා. අපි ඉතාමත් ක්‍රමානුකූලව, එකමුතුව සාමුහික හැඟීමකින්, සාමුහික අරමුණකින් සියලු දෙනාගේම ජීවිත යහපත් කරන්න ක්‍රියා කරනවා. අපේ ශක්තිය ඒක. ඒ වෙනුවෙන් ඉවසන්න තව ටිකයි දිනයි තිබෙන්නේ. අපි මේ ගමන නවත්වන්නේ සියලු දෙනාටම සතුටෙන ජීවත් විය හැකි රටක් හැදීමෙන් පමණයි. ඒ සඳහා අපි සියලු දෙනා එකතු වෙමු. ගැහැනු අපි එකමිටට” ලෙස ඇය පැවසීය .

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan