පහසුකම් ඉල්ලූ හරක් කටාට ලැබුණේ කොට්ටයක්, මෙට්ටයක් සහ ඖෂධ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 08, කොළඹ (LNW): හරක් කටා හෙවත් නදුන් චින්තක වික්‍රමරත්න නමැති විත්තිකරුට පහසුකම් කීපයක් සලසා දීමට පැමිණිලි පාර්ශ්වය කොළඹ මහාධිකරණය හමුවේ එකගතාව පළකර ඇති බව සඳහන් වේ.

හරක්කටා නමැති සැකකරු මේ වනවිට තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින අතර, ඔහු වෙනුවෙන් ගොනුකළ මෝසමකින් ඉල්ලා තිබුණේ නීතිඥවරුන් සහ පියා ඇතුළු ඥාතීන් හමුවීමට ලබාදෙන විනාඩි 15ක කාලය පැයක් දක්වා දීර්ඝ කරන ලෙසයි. එම කාලය පැය භාගයක් දක්වා දීර්ඝ කළ හැකි බව රජයේ නීතිඥවරයා පවසා ඇත.

විත්තිකරුගේ ආරක්ෂාව සදහා සීසීටීවී කැමරා පද්ධතියක් ක්‍රියාත්මක වන්නේදැයි වාර්තාවක් කැඳවන ලෙස ද මෝසමෙන් ඉල්ලා තිබුණු අතර, එහිදී රජයේ නීතිඥවරයා පැවසුවේ එවැනි කැමරා පද්ධතියක් නොමැති අතර ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ත්‍රස්තමර්දන කාර්යාංශයේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ නාවික හමුදාවේ නිලධාරීන් යොදවා ඇති බවයි.

විදේශයක සිටින තම දරුවාට දුරකතනයෙන් කතා කිරීමේ පහසුකම් ලබාදෙන ලෙස හරක්කටා කළ ඉල්ලීම ඉටුකිරීමට අපහසු බව මෙහිදී සදහන් කෙරුණු අතර, තංගල්ල රෝහලෙන් දැනටමත් ඖෂධ ලබාදෙන අතර අවශ්‍ය වුවහොත් වැඩිදුර ඖෂධ ලබාදිය හැකි බවද රජයේ නීතිඥවරයා පවන ලදී,

රජයේ නීතිඥවරයා සදහන් කළේ. නිවසින් ආහාර පාන ලබාගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස කළ ඉල්ලීමට ආරක්ෂක හේතූන් මත ඉඩදිය නොහැකි බවයි.

විත්තිකරුට කොට්ටයක් සහ මෙට්ටයක් ලබාදීමට අවසර ලබාදුන් අතර නඩුව ලබන 26 වනදා කැදවීමට ද නියම කෙරුන බව වැඩිදුරටත් සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...