*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

ඇමති අපිව අයින් කරාට අපි ක්‍රීඩකයො හැටියට එයාලට ආදරෙයි.ඒ නිසා ඩීජී ට ක්‍රීඩකයන්ගේ ජීවිත අනතුරට දාන්න දෙන්නේ නැහැ – ශ්‍රී ලංකා රගර්

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා රගර් පරිපාලනයට එරෙහිව පනවා තිබෙන තාවකාලික තහනම් නියෝගය,පදනම් විරහිත සහ නීත්‍යානුකූල නොවන බව පෙන්වා දෙන එම පරිපාලනය,ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කළ බලධාරියාගේ තීරණය ප්‍රතික්ෂේප කරමින් රගර් පරිපාලන කටයුතු මෙහෙයවීමට, එම පරිපාලනයේ විධායක කමිටු රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

මෙම තීරණයට අනුව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ර⁣ටේ පවතින අරගල තත්ත්වයක් නොසළකා,අප්‍රේල් 9 සහ 10 යන දෙදින තුළ පවත්වන්නට යෝජනා කර තිබූ තරග නොපවත්වන්නට තීරණය කර තිබෙනවා.එසේම රගර් තරගාවලියේ අනුග්‍රාහක විදේශීය සමාගම ද,රටේ පවතින අර්බුදකාරී තත්ත්වයට සංවේදී වෙමින් එවැනි අවස්ථාවක තරග පැවත්වීමට එකඟ නැති බව ද පවසා තිබෙනවා.

“ක්‍රීඩා අමාත්‍යවරයා තමයි පදනමක් නැතුව තහනම් කරේ.ඒත් ඒ පවුලෙ තුන්දෙනාම රගර් ගැහැව්වා.අද ඒ අයට එළියට එන්න බැරි තරම් ප්‍රශ්න.අපට මොනව කළත් අපිට වගකීමක් තියෙනවා ඒ අයයි,අනිත් ක්‍රීඩකයොයි රැකගන්න.ඒ නිසා ඩීජීට නැති හැඟීමක් අපට ක්‍රීඩාව සහ ක්‍රීඩාකයා ගැන තියෙනවා.ඒ නිසා මේ වෙලාවෙ රගර් ගහන්න දෙන්නෙ නැහැ. යනුවෙන් රගර් පරිපාලනයට සම්බන්ධ අයෙක් LNW වෙත පැවසීය.

එසේම තාවකාලික තහනම⁣ට එරෙහිව නීති මඟින් කටයුතු කරන බව මේ වන විටත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට දන්වා ඇති බව පවසන රගර් පරිපාලනය,ජාත්‍යන්තර රගර් සම්මේලනයේ සහ අනුග්‍රාහක මුදල් සහිත ශ්‍රී ලංකා රගර් ගිණුම් පරිහරණය කළහොත් මුදල් අව භාවිතය සම්බන්ධයෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද දන්වා තිබෙනවා.

අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පිටින් තරඟාවලියෙ සංවිධාක ⁣කමිටුව, තරඟ සහ තහනමට ලක්ව තිබෙන පරිපාලනය සමඟ යමින් අප්‍රේල් 23 සහ 24 ජාතික රග්බි සත් සාමාජික තරගාවලිය පැවත්වීමට සැළසුම් කර තිබෙනවා.ඒ අනුව සියලුම ක්‍රීඩා සමාජවලට එම තරගාවලියට සහභාගිවන ලෙසත්,සහභාගි නොවන කණ්ඩායම්වල ක්‍රීඩකයන් තේරීම් තරග ප්‍රතික්ෂේප කළ අය හැටියට නම් කරන බවත් දන්වා යවන බවත් ශ්‍රී ලංකා රගර් පවසනවා.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan