ඉරානය හා ඇමරිකාව අතර න්‍යෂ්ටික සාකච්ඡා ඕමානයේදී

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 08; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සාකච්ජා පැවැත්වීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණේ, එළඹෙන සෙනසුරාදා (12) ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මැද පෙරදිග ඇමරිකානු නියෝජිත ස්ටීව් විට්කොෆ් හමුවන බවත්, ඕමානය මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන බවත්ය.

ජනාධිපති ට්‍රම්ප් බලයට පත්වීමෙන් අනතුරුව සෘජු සාකච්ජා ආරම්භ කරන ලෙස ඉරානයට නිවේදනය කළ අතර ටෙහෙරානය එය ප්‍රතික්ෂේප කරන ලදී. කෙසේ නමුත් ඊයේ(07)දිනයේදී ජනාධිපති ට්‍රම්ප් ධවල මන්දිරයේදී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ වාර්තාකරුවන්ට ප්‍රකශ කර තිබුණේ, න්‍යෂ්ටික සාකච්ජා සෙනසුරාදා ආරම්භ කිරීමට සුදානම් බවත්, ඉරානයේ න්‍යෂ්ටික අවි තිබිය නොහැකි බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...