දේශබන්දු ඉවත් කිරීමට කමිටුවක් පත්කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් සම්මත වෙයි

0
585

සටහන – රුවන් නෙළුගොල්ල

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා කමිටුවක් පත්කිරීමේ යෝජනාව අද (අප්‍රේල් 08) පාර්ලිමේන්තුවේ සම්මත විය.

එම යෝජනාව වෙනුවෙන් ඡන්ද විමසීමක් ද සිදුකෙරුණු අතර එහිදී ඊට පක්ෂව ඡන්ද 151ක් ලැබිණි. ඊට විරුද්ධව කිසිදු ඡන්දයක් ප්‍රකාශ වී තිබුණේ නැත.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා කමිටුවක් පත්කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර විසිනි.