සිංහල දෙමළ අලුත් අවුරුදු අසිරිය බෙයිජිං නුවරට!

Date:

කොළඹ LNW: චීනයේ බෙයිජිං නගරයේ දී සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරේ. එම උත්සවය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී පසුගිය දා (06) උත්කර්ෂවත් ලෙස පැවැත්විණ. චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා චීන ආර්ථික, අධ්‍යාපන හා සංස්කෘතික සංගමය සහ එරට වෙසෙන ලාංකික ප්‍රජාවේ සාමාජික පිරිසක් එක්ව මෙය සංවිධාන කළහ.

සිංහල සිරිත් විරිත්වලට මුල් තැන දෙමින් පැවති මෙම අවුරුදු උත්සවයේ දී සාම්ප්‍රදායික ජන ක්‍රීඩා තරග රැසක් ද සංවිධාන කර තිබිණ. බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාව හදාරන චීන සිසුන් ඉදිරිපත් කළ ජන සංස්කෘතිකාංගවලින් උලෙළ වර්ණවත් විය.

වැඩබලන තානාපති කේ.කේ. යෝගානන්දන් මහතා ඇතුළු තානාපති කාර්යාල නිලධාරීන්, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක සහ ශ්‍රී ලංකා චීන ආර්ථික, අධ්‍යාපන හා සංස්කෘතික සංගමයේ සභාපති චිරංජය උඩුමුල්ලගේ යන මහත්වරුන්, චීනයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙන්ම චීනයේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුහු ද මේ උලෙළට සහභාගි වූහ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...