තර්ජනය කිරීම චීනය සමග කටයුතු කිරී‍මේ නිසි ක්‍රමය නොවේ – චීනය කියයි

Date:

කොළඹ LNW:චීනය කිසිවකුටත් ගැටලු ඇති නොකරනවා සේම කිසිවකුට බිය නොවන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ(8) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.

චීනයට එරෙහි තීරුබදු 50%කින් ඉහළ නංවන බවට ඇමරිකාව සිදු කළ තර්ජනය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් Lin Jian මහතා අදාළ ස්ථාවරය පැහැදිලි කළා.

අයුතු ලෙස ඇමරිකාව තීරුබදු පැනවීම ලෝකයේ ඒ ඒ රටවල නීත්‍යනුකූල අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර එය ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසිවලට ද විරුද්ධ වීමකි. ඇමරිකාවේ තීරුබදු ප්‍රතිපත්තිය, රෙගුලාසි පදනම් කරගත් බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියට දැඩි ලෙස හානි දායක වන අතර, එය ගෝලීය ආර්ථික ස්ථාවරත්වයට දරුණු පහරකි. ඒකපාර්ශ්විකවාදය, ආරක්ෂණවාදය හා ආර්ථිකමය හිරිහැර කිරීම කෙරෙහි ජගත් ප්‍රජාවේ පොදු විරුද්ධත්වය පළ වී ඇති අතර ඇමරිකාවේ එම ක්‍රියාකලාපයට චීනය ද දැඩි ලෙස විරුද්ධ වන බව හෙතෙම ප්‍රකාශ කළා.

බලපෑම් කිරීම, තර්ජනය කිරීම හා වංචා කිරීම චීනය සමග කටයුතු කිරීමේ නිසි ක්‍රමය නොවේ. චීනය සිය අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නිසි පියවර ගනු ඇත. එසේම ඇමරිකාව දෙරටේ හා ජගත් ප්‍රජාවේ ජයග්‍රහණ නොසලකා තීරුබදු යුද්ධ හා වෙළඳ යුද්ධ දියත් කළහොත් චීනය ඊට ප්‍රතිපියවර ගනු ඇති බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා පැවසුවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරය: වෛද්‍යවරු තිදෙනෙක් අත්අඩංගුවට – අගමැති මෝදීගෙනුත් විශේෂ ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ සිදු...

පාකිස්ථානයේත් මරාගෙන මැරෙන පිපිරීමක්: මියගිය ගණන 12ක් දක්වා වැඩිවෙද්දී තවත් 27කට තුවාල!

කොළඹ LNW:පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි අධිකරණ සංකීර්ණයක් තුළ අද (11) සිදුවූ...

ලක්සල සන්නාමය චීන මැණික් ව්‍යාපාරිකයෙකුට ලබාදීම පසුපසත් ඩීල් එකක් ?

මෙරට හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණින්...

රතු බලකොටුව ආසන්නයේ පිපිරීමට හේතුව?

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (10) දින...