බර එසැවීමෙන් ගුවන ඉදිරියෙන් – කාන්තා සූරතාව පිරිමි අනු සූරතාව

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 09 කොළඹ LNW :

පොලොන්නරුව ගල්ලෑල්ල ක්‍රීඩා සංකීර්ණයේදී පැවති ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබු ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ කාන්තා අංශයේ සමස්ථ ශුරතාවය රන් පදක්කම් 5 ක් රිදි පදක්කම් 2ක් දිනාගත් ශ්‍රි ලංකා ගුවන් හමුදා කාන්තා බර ඉසිලීමේ කණ්ඩායම විසින් දිනාගත් අතර කාන්තා අංශයේ අනුශූරතාවය පොලොන්නරුව බර ඉසිලීමේ ක්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා ලදි. මේ අතර බර ඉසිලීමේ ක්‍රිඩා සමාජ නියොජනය කරමින් ක්‍රිඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වු අතර රන්පදක්කම් 2 ක් රිදී පදක්කම් 2 ක් හා ලෝකඩ පදක්කම් 3ක් දිනාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි බර ඉසිලීමේ කණ්ඩායම ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේ අනුශුරතාවය දිනාගැනිමට සමත් විය. එම අංශයේ ශූරතාව හිමි වූයේ ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායමටයි.

කුසලාන හා සහතික පත් ප්‍රධානෝත්සවය ජාතික බර ඉසිලීමේ සම්මේලනයේ සභාපති අශෝක බණ්ඩාර, ගුවන් හමුදා බර ඉසිලීමේ සංචිතයේ සභාපති එයාර් කොමඩෝ දිනේෂ් ජයවීර, බර ඉසිලීමේ සම්මේලනයේ උප සභාපතිවරු, බර ඉසිලීමේ සම්මේලනයේ ලේකම් වරයා හා ගුවන් හමුදා බර ඉසිලීමේ සංචිතයේ ලේකම් විංග් කමාන්ඩර් සංජීව නානායක්කාර ඇතුලු අනෙකුත් බර ඉසිලීමේ ක්‍රීඩා සමාජයන්හි සාමාජිකයින් හා ක්‍රීඩක ක්‍රීඩාකාවන් රැසකගේ සහභෘගීත්වයෙන් සිඳු වුණා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගින්නෙන් උපන් සීතල 2 අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවකට

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ...