සපුගස්කන්ද යොෂීඩා පෙර පාසලේ දරුවන් අලුත් අවුරුදු උත්සවය සමරයි!

Date:

කොළඹ LNW:සපුගස්කන්ද යොෂීඩා පෙර පාසලේ 2025 සිංහල දෙමල අලුත් අවුරුදු උත්සවය පසුගිය දා (05) එම විදුහල් පරිශ්‍රයේ දී ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති යොෂිඩා අධ්‍යාපන හා සංස්කෘතික පදනමේ නිර්මාතෘ හා සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන් මීට වසර හතළිස් හයකට පෙර එනම් 1979 දී,ජපානයේ මහා දානපතිනි තකිකෝ යොෂිඩා (Takiko Yoshida) මැතිනියගේ ධන පරිත්‍යාගයෙන් ආරම්භ කළ යොෂීඩා ළදරු පාසල වාර්ෂික සංවිධානය කරන මෙම සිංහල දමිළ අළුත් අවුරුදු උත්සවයේ දී අලුත් අවුරුද්දට අදාල චාරිත්‍ර වාරිත්‍ර දරුවන්ට හුරු පුරුදු කිරීමට සංකේතාත්මකව එම චාරිත්‍ර සිදු කරන බව පෙර පාසලේ විදුහල්පතිනි අවන්ති පෙරේරා මහත්මිය පැවසුවාය.

එම අවස්ථාවට පූජ්‍ය ගින්නලියේ විමලධම්ම හිමියෝ ද විදුහල්පතිනි අවන්ති පෙරේරා මහත්මිය ද දෙමාපියෝ ද එක් එක්වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාව අස්සේ දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කරලා..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදාවට පත් ප්‍රදේශවල...

ගංගා සාමාන්‍ය තත්ත්වයට – ගංවතුර ඇඟවීම් ඉවත් කරයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි...

ඇයි මේ සයිරන් ගහන්නේ එවන්නකො SMS එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේදී පැරණි...

බිඳී ගිය රට නැවත හුස්ම ගනී: ප්‍රතිසංස්කරණය ජාතික අභියෝගයක් බවට

උස් පහත් භේදයකින් තොරව කුඩා වැඩිහිටි සියල්ලන්ටම සෑම දේම...