සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ප්‍රධාන සමීපතමයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අප්‍රේල් 09 කොළඹ LNW :

ලද තොරතුරක් මත දෙමටගොඩ, ආරමය පාර ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී, අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. 

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය පැවසුවේ, මෙම වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 201යි මිලිග්‍රෑම් 560ක් සොයා ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරු 26 හැවිරිදි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ප්‍රධාන සමීපතමයෙකු බව අනාවරණය වී ඇති අතර, කොටහේන පොලිසිය මගින් සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුව සේවාව අලුත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම 2026 නොවැම්බර් කලාපය නිබ්බුතා නූන සා මාතා,...

පොහොට්ටුවේ ගමින් ගමට රැස්වීම් හෙට කොළඹින් ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

හම්බන්තොට වරායේදී අකුණු සැර වැදීමෙන් වාහන 11කට හානි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි...