උත්සව සමයේ වෙළඳ සැල් පරීක්ෂාව: මහනුවරින් පමණක් පරිභෝජනයට නුසුදුසු ආහාර කිලෝ 386ක්!

Date:

කොළඹ LNW:දළදා වන්දනාව සහ අලුත් අවුරුදු උත්සවය සමය ආශ්‍රිතව මහනුවර නගරයේ ආහාර වෙළඳ සැල් ආශ්‍රිතව සිදුකළ පරීක්ෂා කිරීමේදී පරිභෝජනයට නුසුදුසු ආහාර කිලෝ 386ක් විනාශ කිරීමට මහනුවර මහ නගර සභාව කටයුතු යොදා තිබේ.

මහනුවර මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුව අදියර කිහිපයක් යටතේ සිදුකළ මෙම පරීක්ෂාවේදී අල, බී ළුණු, නූඩ්ලස්, මස් ඇතුලු ආහාර වර්ග 83ක් විනාශ කිරීමට පියවර ගත් බව මහනුවර නාගරික වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් ජයසිංහ මහතා පැවසුවේය.

තොග හා සල්ලර ව්‍යාපාරික ස්ථාන 180ක් මේ යටතේ පරීක්ෂා කළ බව කී ඒ මහතා ව්‍යාපාරික ස්ථාන 21කට නඩු පැවරීමට සහ ව්‍යාපාරිකයන් 37 දෙනෙකුට අවවාදාත්මක ලිපි නිකුත් කිරීමට පියවර ගත් බව ද සඳහන් කළේය.

ශ්‍රී දළදා මාළිගාව කේන්ද්‍ර කොට මහනුවර දී පැවැත්වෙන දළඳා වන්දනාව සඳහා ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පැමිණෙන බැවින් ආහාර නිෂ්පාදන හා අලෙවි කිරීමේ ස්ථාන නිරන්තරයෙන් පරීක්ෂා කරන බවත් ආහාර අලෙවි කිරීමේ නිතරවන පුද්ගලයන් සහ ජංගම වෙළඳුන් සඳහා උණ සන්නිපාතය සඳහා ලබා දෙන එන්නත ලබාදීමට පියවර ගත් බව ද වෛද්‍ය පසන් ජයසිංහ මහතා ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...