ජල සැපයුමේ අඩු පීඩනයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශ රැසක ජල සැපයුම අඩු පීඩනයක් යටතේ සිදුවන බව ජාතික ජලසම්පාදන ජලාපවාහන මණ්ඩලය පවසයි.

කොළඹ 01,02,03,04,07,08,09,10 සහ 11 යන ප්‍රදේශවල ජල සැපයුම අද දහවල් 12 දක්වා අඩු පීඩනයක් යටතේ සිදුවන අතර උස් ස්ථානවල ජල සැපයුමට බාධා එල්ල විය හැකි බවත්, කොලොන්නාව ප්‍රදේශයේදී අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ජලය බෙදා හරින නල මාර්ගයක බිඳ වැටීමක් එම තත්ත්වයට හේතුව බව මණ්ඩලය පවසයි.

ජාතික ජලසම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ අදාළ නල මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති අතර කඩිනමින් ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහකන්නයට දියවර:ලහි ලහියේ වැඩ අවසන් වෙන බදුල්ලේ වාරි පද්ධති! (PHOTOS)

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:"දිට්වා" පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම අධිෂ්ඨානයෙ...

වැටී නැගිටින නුවරට වැටී නැගිටින පාඩමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: මේ මොහොත තවමත් වැටුණු...

මෙරට මාර්ග පද්ධතිය පිළිබද ඔබ දැනුවත්ද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ජනාතාවට ...

‘Zootopia 2’ බොක්ස් ඔෆිස් හි අංක 1 ස්ථානය ලබා ගනිමින් ලොව පුරා ඩොලර් බිලියන 1 ක ආදායමක් උපයයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෝල්ට්...