*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 04/09

  1. 2022 ජූලි 25 වන දින ශ්‍රී ලංකාව විසින් ගෙවීමට නියමිතව තිබූ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින්, පොලිය ද සමඟ ඇ.ඩො. මිලියන 250 ක මුදලක් තමාට ලැබිය යුතු බවට හැමිල්ටන් රිසර්ව් බැංකුව (Hamilton Reserve Bank) විසින් සිදුකළ ඉල්ලීම බැහැර කිරීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයද්නය එක්සත් ජනපදයේ නිව් යෝර්ක් හි දකුණු දිස්ත්‍රික් අධිකරණ විනිසුරු ඩෙනිස් කෝට් ප්‍රතික්ෂේප කරයි – එක්සත් ජනපදයේ ෆෙඩරල් අධිකරණය විසින් ශ්‍රී ලංකාවට අදාළව නිකුත් කළ මෙම නියෝගය මෙරට ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙලට දරුණු අන්දමින් බලපානු ඇති බවට විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
  2. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගෙවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාවට සැලකිය යුතු අවදානමක් පවතින බව එම අරමුදල පවසයි – සමාජ නොසන්සුන්තාවය සහ ආතතිය හමුවේ තම මාණ්ඩලික දූත මෙහෙයුම්වලට සහ දේශීය ක්ෂේත්‍ර කාර්යාලයට බලපෑම් එල්ලවිය හැකි බව පවසයි – තම වැඩසටහන ඉතා කටුක යැයි මහජනතාව විසින් දැකීමට ඉඩ පවතින බවට අනතුරු අඟවයි.
  3. ඉන්දියාවෙන් ආනයනය කරන සෑම බිත්තරයකින්ම රජය රු. 13 ක මුදලක් උපයන බව සමස්ත ලංකා කුකුළු ගොවීන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසයි – මෙම බිත්තර ආනයනයේ සැබෑ ප්‍රතිලාභය ජනතාවට නොදැනෙන බවට චෝදනා කරයි – බිත්තර ආනයනය කළ ද, බොහෝ වෙළඳසැල්වල තවමත් බිත්තර නොමැති බව ද අනාවරණය කරයි.
  4. එක්සත් ජනපද නාවික හමුදාවට අයත් සුපිරි ගවේෂණශීලී අධිවේගී ප්‍රවාහන නෞකාවක් (Spearhead-Class Expeditionary Fast Transport Ship) වන USNS Brunswick ත්‍රිකුණාමලය වරායට පැමිණෙයි – මෙම නෞකාව හමුදාව විසින් භාවිතා කරන, හමුදා සහ හමුදා උපකරණ ප්‍රවාහනය කරන (rapid intra-theater transport of troops and military equipment) අධිවේගී ප්‍රවාහන නෞකාවකි – අප්‍රේල් 12 වන දින දිවයිනෙන් පිටව යාමට නියමිත ය.
  5. අප්‍රේල් 5 – 15 යන කාලසීමාව තුළ සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින් පිහිටනු ඇති බවට අපේක්ෂා කෙරේ.
  6. MV X-Press Pearl නෞකාවේ හිමියන්ට එරෙහිව සිංගප්පූරු අධිකරණයක නඩු පැවරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය, ශ්‍රී ලංකාවට අවාසිදායක තත්ත්වයක් ඇති කරනු ඇති බවට සමුද්‍ර නීතිය පිළිබඳ විශේෂඥ ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර අනතුරු අඟවයි – ශ්‍රී ලංකාවේ නඩු පවරනු වෙනුවට සිංගප්පූරුවේ නඩු පැවරීම, එරට ජාත්‍යන්තර සම්මුතීන් රැසක් පැවතීම හමුවේ ශ්‍රී ලංකාවට අවාසිදායක වනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
  7. ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යූහගත කළ හැකි හොඳම ක්‍රමවේදය තීර්ණය කිරීම සඳහා, මූල්‍ය උපදේශන සේවා ලබා දෙන ජාත්‍යන්තර ආයතනයක් වන ලසාර්ඩ් (Lazard) වෙතින් වාර්තාවක් බලාපොරොත්තුවෙන් සිටින බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි – මෙම වාර්තාව අවසන් කිරීමට අවම වශයෙන් තවත් මාස තුනක කාලයක් වත් ගතවනු ඇති බව ද පවසයි.
  8. කාන්තා විනිසුරුවරියන් සහ නීතීඥවරියන් සඳහා අධිකරණවල නීත්‍යානුකූලව පිළිගත් ඇඳුම් කේතයන්වලට කලිසම සහ සාය ඇතුළත් කිරීමට රජය කටයුතු කරයි – මුල දී අනුමත කළ ගවොම එම ලැයිස්තුවෙන් ඉවත් කරයි – ඒ අනුව, නීතීඥවරියන් සහ විනිසුරුවරියන්ට සුදු, කළු, අඩ-සුදු, අළු හෝ අව පැහැ හැට්ටය ද සමඟ සාරි, හෝ කළු කලිසම හෝ සාය සමඟ සුදු බ්ලවුසය, කළු කබාය සහ සපත්තු සමඟ හැඳීමට අවසර හිමිවේ.
  9. ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක් වන, කීර්තිමත් මහාචාර්යවරියක් වන මහාචාර්ය ප්‍රියානි සොයිසා අභාවප්‍රාප්ත වෙයි – මිය යන විට වයස 97: 1966 – 1991 කාලය තුළ ඇය ළමා රෝග පිළිබඳ මහාචාර්යවරිය ලෙස කටයුතු කළ අතර, ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාවේ මහාචාර්ය තනතුරකට පත්වූ පළමු කාන්තාව බවට පත්විය.
  10. නවසීලන්තය ශ්‍රී ලංකාවට එරෙහි 3 වැනි ක්‍රිකට් 20-20 තරඟය කඩුලු 4කින් ජය ගනියි: ශ්‍රී ලංකාව 182/6 (පන්දුවාර 20); නවසීලන්තය 183/6 (පන්දුවාර 19.5): නවසීලන්තය තරඟාවලිය 2-1කින් ජය ගනියි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan